ඉන්දියානු ක්‍රමයට අනුව ශ්‍රී ලංකාවේ ද නව දේශපාලන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර, සියලු ජාතීන් එකට ඒකරාශී කරමින් සමගිය, සහජීවනය සහ එකමුතුකම ඇති කර, ද්‍රවිඩ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය පූර්ණ සහය ලබා දෙන්නේ යැයි රෝහිත බෝගොල්ලාගම මහතා අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා එදා වගේම අදත් හෙටත් දෙස්-විදෙස් ශ්‍රී ලාංකිකයින්ගේ පූර්ණ සහය රටේ න්‍යාය පත්‍රය වෙනුවෙන් ලබා ගැනීමට තමා ඇපකැප වන්නේ යැයි ද රෝහිත බෝගොල්ලාගම මහතා පෙන්වා දෙයි.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කරනු ලැබ සිටින රෝහිත බෝගොල්ලාගම මහතා මේ බව අවධාරණය කර සිටියේ, TULF නායක වී ආනන්ද සංගරී මහතා හමුවී ද්‍රවිඩ ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අවස්ථාවේ දී ය.
දෙමළ සිරකරුවන් සහ යුද්ධයෙන් අතුරුදන් වූ ද්‍රවිඩ ජාතිකයින් වෙනුවෙන් තමා පෙනී සිටින බවට මෙහිදී වී ආනන්ද සංගරී මහතා හමුවේ සහතික වී ඇති රෝහිත බෝගොල්ලාගම මහතා සියලු ජාතීන් එකට ඒකරාශී කර ගනිමින් රට ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩ පිළිවෙළට තාමාට හැකි උපරිමයෙන් ජාත්‍යන්තර සහය ලබා දෙන්නේ යැයි කියා සිටියි.
Lanka Newsweek © 2024