Sunday 10th of December 2023

English Tamil
Advertiesment


රෝහිත බෝගොල්ලාගම ගැන ද්‍රවිඩ ඩයස්පෝරාව විශ්වාසය පළ කරයි 


2023-07-07 4386

 

ඔහු සමග එක්ව රටට ආධාර කරන්න සූදානම්..!

 

"රනිලුයි-එජාපයයි හැර විකල්පයක් නැහැ" 

 

එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ ජාත්‍යන්තර යුද්ධය මෙහෙයවූ යුද කාලීන විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටී රෝහිත බෝගොල්ලාගම මහතා, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් ලොව පුරා විසිර සිටින දෙමළ ඩයස්පෝරාව සිය සතුට පළ කර සිටියි.

යුද කාලීන විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් රෝහිත බෝගොල්ලාගම මහතා ද්‍රවිඩ ජනතාව සමඟ ඉතා සුහදව කටයුතු කළ බව සිහිපත් කර සිටින දෙමළ ඩයස්පෝරාව ඔහු සමඟ ඉතා සුහදව කටයුතු කරමින් ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් උදා කිරීමට බලාපොරොත්තු වන බවද අවධාරණය කර සිටියි. 

යුද කාලීන විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා මෙසේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධූරයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙන්නේ ඔහු මාර්ගයෙන් ජාත්‍යන්තර සහ ජාතික දේශපාලන ඉලක්ක රැසක් සපුරා ගැනීමේ අරමුණෙනි. 

ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ද ප්‍රබල කැබිනට් ඇමති ධූර දැරූ රෝහිත බෝගොල්ලාගම මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන රජයය යටතේ නැගෙනහිර ආණ්ඩුකාර ධූරය ද හෙබ වී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනගන ජාත්‍යන්තර මෙහෙයුමට මේ වන විට උර දී සිටින රෝහිත බෝගොල්ලාගම මහතා "lankanewsweek" සමග පැවසුවේ, රට ලෝකයට ගෙන යමින් සංවර්ධනය කර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරවා සහජීවනයෙන් යුතු එක්සත් ජාතියක් ගොඩනැගිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවය. 

සියලු ජාතීන්ට සහ සියලු ආගමිකයින්ට එක්සත්ව එකට එක්ව සහජීවනයෙන් යුතුව ජිවත් විය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ යටතේ පමණක් බව පෙන්වා දුන් රෝහිත් බෝගොල්ලාගම මහතා රටේ උද්ගත වි තිබෙන දේශපාලන, සමාජ සහ සංස්කෘතික වාතාවරණය යටතේ වගේ ම ජනතාවගේ අවශ්‍යතා අනුව රටට-ජනතාවට රනිල් වික්‍රමසිංහ මහතා හැර විකල්පයක් නොමැති බව ද අවධාරණය කළේය.

Advertiesment