Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


ආණ්ඩුව කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන එක


2023-07-06 3614

 

රට බංකොලොත් වුණේ කෙසේද කියා සොයා බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීම පිළි ගැනීමට නොහැකි බව  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ ක්‍රියාව හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් බවද, ඒ නිසා බංකොලොත් වීම ගැන හොයන තේරීම් කාරක සභාවේ සභාපති ධුරය සඳහා විපක්ෂයේ මන්ත්‍වරයෙකු පත් කරන්නැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තරයේ කියා සිටියේය. 

මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්නැ කියා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල තිබෙන්නෙත් ඒ නිසා බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.

Advertiesment