Sunday 10th of December 2023

English Tamil
Advertiesment


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් කෝටි ලක්ෂ 12ක් අහිමි වෙයි


2023-07-05 3042

 

රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව Verité Research සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බදාදා (0 5) හෙළි කළේය.

රජය මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ ප්‍රධානීන්ගෙන් කරුණු විමසීමෙන් තොරව බවද ඔහු සඳහන් කළේය.

"මුදල් කාරක සභාව, අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල යන ආයතනවල ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න අහන කොට අපට ගොඩක් දේවල් දැන ගන්න ලැබුණා. මේ රජය මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ ඒ ප්‍රධානීන් කැඳවල අධ්‍යයනයක්  කරල නොවෙයි. මේ යෝජනාවෙන්  වැඩ කරන ජනතාවගේ මුදල් කොච්චර අඩු වෙනවද කියල හොයල නැහැ. ඒ ගැන පරීක්ෂණ කළ Verité Research ආයතනය කෝටි ලක්ෂ 12ක් වැඩ කරන ජනතාවගේ මුදලින් කප්පාදු වෙනවා කියලා කියනවා. එතකොට මේවා ගැන ප්‍රශ්න අහන්න මට අයිතියක් නැද්ද." යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් පැවසීය.

Advertiesment