දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙළ අතිශය සාධනීය බව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන "Fitch Ratings" ආයතනය සඳහන් කරයි.
මෙම පියවර ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ අවදානම දුරු කිරීම සඳහා කැපී පෙනෙන ඉදිරි පියවරක් වී ඇති බව ද "Fitch Ratings" ආයතනය නිවේදනය කර සිටියි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ශ්‍රී ලංකා මුදලින් පවතින බැංකු සතු භාණ්ඩාගාර බිල්පත් අදාළ නොවූ අතර ඊට අදාළ වූ විදේශ මුදල් බැඳුම්කර, සමස්ත බැඳුම්කර බැංකුවල සමස්ත වත්කම්වලින් 5.5% ඉක්මවන්නේ නැති බව ද එහි සඳහන්ය.
කෙසේ වෙතත් අවිනිශ්චිත තාවයන් මග හැරුණද වෙනත් ගැටලු නිර්මාණය විය හැකි බවද "Fitch Ratings" ආයතනය නිකුත් කර ඇති එම නිවේදනයේ තව දුරටත් සඳහන් වෙයි.
Lanka Newsweek © 2023