රවී කරුණානායක මහතාට තිබෙන්නේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන දැක්ම, වැඩ පිළිවෙළ සහ ඉලක්ක වන අතර ඔවුන් දෙදෙනාම අනාගතවාදී, ගෝලීය සහ දුරදර්ශී නායකයින් යැයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කරති.
මේ බව අවධාරණය කර සිටින්නේ, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් වන අතර ඔවුහූ මෙසේ ද කියා සිටිති.
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය එක්සත් රාජධානි සංචාරයේදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී පොදු රාජ්‍ය මණ්ඩලයේ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ වගේම එතුමා දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාරය පිළිබඳව ද එහිදී අදහස් හුව මාරු කර ගෙන තිබුණා.
මේ තත්ත්වය ඉතා හොඳ ප්‍රවනතාවයක් වන අතර ආසියාවේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස රවී කරුණානායක මහතා ද මීට කලකට පෙර සිටීම මේ කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සහ හඬ නගමින් ඊට අදාළව ක්‍රියාමාර්ග ගන්නවා අප දුටුවා.
ඊට හොඳම උදාහරණය වන්නේ, ආර්ථිකය "Digital" කළ යුතු බවට රවී කරුණානායක මහතා කලක සිටම කරන යෝජනාව වන අතර එමගින් පැහැදිලි වන්නේ ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගේම නූතනත්වය අගයන පරිනත ගෝලීය දේශපාලන නායකයෙකු වන බවයි.
පළමු වතාවට දකුණු ආසියාවේ මුළු රටක්ම ස්වාභාවික ආපදාවලින් රක්ෂණය කරමින් 2015-2016 අය-වැය යෝජනාවලියේ දී ශ්‍රී ලංකාවට ස්වාභාවික ආපදා රක්ෂණාවරණයක් ලබා දුන්නේ මුදල් ඇමතිවරයා ලෙස රවී කරුණානායක මහතා වන අතර ඒ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය ඇතිවයි.
"සුරක්ෂා" රක්ෂණාවරණය යටතේ පාසල් දරු දැරියන් සියලු දෙනා රක්ෂණය කරමින් ද, උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුවරුන්ට "Tab" පරිගණක ලබා දෙමින් තොරතුරු තාක්ෂණ දැනුම දියුණු කිරීමට කටයුතු කළේ ද රවී කරුණානායක මහතායි.
මේ අනුව පැහැදිලි වන්නේ රවී කරුණානායක මහතාට තිබෙන්නේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන දැක්ම, වැඩ පිළිවෙළ සහ ඉලක්ක වන අතර ඔවුන් දෙදෙනාම අනාගතවාදී, ගෝලීය සහ දුරදර්ශී නායකයින් බවයි."
Lanka Newsweek © 2023