Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස ගෙන ආ යුතුයි


2023-06-21 2600

 

දූෂණ විරෝධී පනත ආපස්සට බලපාන නීතියක් ලෙස සකස් කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ වන විට සකස් කර ඇති දූෂණ විරෝධී පනත නීතිඥයන් කීපදෙනෙක් සමග සමගි ජන බලවේගය අධ්‍යයනය කළ බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ පනත බලපාන්නේ ඉදිරියට පමණක් බවට මතයක් තිබෙන බව සඳහන් කළේය.

ආපස්සට බලපාන දූෂණ නීති ගෙන ආ යුතු බවද මේ සඳහා වෙනම වගන්තියක් තිබිය යුතු බවද පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට ඇතුළත් කර තිබෙන අන්තර්කාලීන වගන්තිය ප්‍රමාණවත් නැතැයි ද සඳහන් කළේය. 

Advertiesment