Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


ආණ්ඩුවේ සියලු මන්ත්‍රීන් ජනපති හමුවට කැඳවයි-රට ගමන් තහනම් 


2023-06-20 2615

 

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ මාසයේ අවසන් සතියේ කොළඹ රැඳී සිටිය යුතු අතර කිසිවෙකුට කිසිම හේතුවක් මත විදේශ ගත වීම තහනම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල දැනුම් දී ඇත.

එළැඹෙන 2023.06. 28 වැනි දා පස්වරුවේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීම ඊට හේතුව වන අතර එම රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත් වෙන බව අදාළ දැනුම්දීම් මගින් සඳහන් කර තිබේ.

Advertiesment