2030 දී රටේ ජනාධිපති වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාස මහත්මිය සැලසුම් සකස් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.
ජලනි ප්‍රේමදාස මහත්මිය මෙසේ සැලසුම් සකස් කරමින් සිටින්නේ, 2030 දී කාන්තාවක් රටේ ජනාධිපති වන බවට ප්‍රබල ජෝතීර්වේදියෙකු ඇය සමග පළ කර ඇති අනාවැකියකට අනුව වන අතර මේ සඳහා ඇයට ප්‍රබල සහයක් ලබා දෙන්නේ ලක්ෂ්මන් ෆොන්සේකා මහතාය.
මේ වන විට ජලනි ප්‍රේමදාස මහත්මිය "e-ස්ත්‍රිය" නමින් කාන්තා සංවිධානයක් පිහිටුවා ගෙන කාන්තාවන්ට විවිධ බඩු භාණ්ඩ බෙදමින් කාන්තාවන් එකට ඒකරාශී කරමින් සිටින අතර ඒ හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ නිල කාන්තා සංවිධානය වන සමගි කාන්තා බලවේගය අක්‍රීය වී ඇත.
මේ අතර සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගියොත් තමා පක්ෂයේ නායකත්වය ගන්නා බව ජලනි ප්‍රේමදාස මහත්මිය පවසා තිබේ.
ජලනි ප්‍රේමදාස මහත්මිය මේ බව පවසා තිබෙන්නේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග වන අතර ජලනි ප්‍රේමදාස මහත්මිය හිරුනීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග වැඩි දුරටත් කියා තිබෙන්නේ, තව එක වතාවක් ජනාධිපතිවරණයෙන් පරාජය වුණොත් දේශපාලනයෙන් සමු ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා කියන බවය.
සජිත් ප්‍රේමදාස මහතා එසේ ක්‍රියා කරමින් දේශපාලනයෙන් සමු ගත්තත් තමා සමගි ජන බලවේගය අත නොහරින අතර එහි නායකත්වය ගෙන ක්‍රියාකාරී දේශපාලනයට තමා අවතීරණය වීමට සූදානමින් සිටින බව ද ජලනි ප්‍රේමදාස මහත්මිය වැඩි දුරටත් පවසා ඇත.
Lanka Newsweek © 2024