Wednesday 11th of December 2024

English Tamil
Advertiesment


වසර පහකට පසුව අමරසිරි පීරිස් සංගීත කරළියේ..!


2023-05-31 14644

 

ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැකි ස්ථාන මෙන්න

 

පවුලේ සැමට එකට සිට නැරඹිය හැකියි  

 

සරසවි සිසුන්ට 25%ක වට්ටමක් 

 

සිංහල සුභාවිත සංගීතයේ දාර්ශනික හඬ පෞර්ෂය, විශාරද අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය "හන්තානට පායන සඳ" සජීවී සංගීත ප්‍රසංගය 2023 ජූනි 10 වැනිදා සවස 7.00 ට මහරගම තරුණ සේවා සභාවේ දී උත්කර්ශවත් අයුරින් පැවැත් වේ.

වසර පහකට පමණ පසුව විශාරද අමරසිරි පීරිස් පවත්වන මෙම සජීවී සංගීත ප්‍රසංගයේ දී ගරු ආරාධිතයින් ලෙස ප්‍රවීන ගායන ශිල්පිනියන් වන ජනනි පීරිස් සහ උරේෂා රවීහාරි එහිදී ඔහු සමග යුග ගීත ගයති.

විශාරද මනෝජ් පීරිස් සංගීතය සපයන මෙම සංගීත සංධ්වනියේ ප්‍රවේශපත් මහරගම, පිළියන්දල, නුගේගොඩ, දෙහිවල, බත්තරමුල්ල පැලවත්ත සහ කොට්ටාව පිහිටි "සරසවි" පොත්හල්වලින් ද, නාවින්න, හයිඩ් පාර්ක්, දෙහිවල, පිළියන්දල සහ කොට්ටාව පිහිටි "ආර්පිකෝ" සුපිරි වෙළෙඳ සැලින් ද, නුගේගොඩ, දෙහිවල සහ "ලිබර්ටි ප්ලාසා" හී පිහිටි "Kandy" රෙදිපිළි අලෙවි සැල්වලින් ද, මහරගම පිහිටි Lady J වෙතින් ද, කටුබැද්දේ පිහිටි Kzone හී Mr මුරුක්කු ආයතනයෙන් ද, හෝමාගම NSBM සරසවිය අසල පිහිටි "Serenity Inn" වෙතින්ද, Mytickets.lk වෙතින් මාර්ග ගත ක්‍රමයට ද මිල දී ගත හැක.

මේ අතර විශාරද අමරසිරි පීරිස්ගේ මෙම "හන්තානට පායන සඳ" සජීවී සංගීත ප්‍රසංගය එකම පවුලේ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකි යැයි සංවිධායක මණ්ඩලය පවසයි.

මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත් රුපියල් 1000, 2000, 3000 සහ 4000 යන මිල ගණන් යටතේ වර්ග කර ඇති අතර මෙම සියලුම කාණ්ඩයේ ප්‍රවේශපත්‍ර අංකනය කර ඇත. එම නිසා ඒ ඒ ප්‍රේක්ෂකයින්ට සිය අවශ්‍යතාවය පරිදි අසුන් වෙන්කරවා ගත හැකිය.

අමරසිරි පීරිස්ගේ "හන්තානට පායන සඳ" සංගීත සංධ්වනියේ රුපියල් 1000 ප්‍රවේශපත්‍ර සඳහා සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, විද්‍යා පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ එහි කාර්ය මණ්ඩල සේවකයින්ට 25%ක වට්ටමක් ලබා දීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 1000 ප්‍රවේශපත්‍රයක් ඔවුන් වෙනුවෙන් අලෙවි කෙරෙන්නේ රුපියල් 750ක ට වන අතර රුපියල් 2000, 3000 සහ 4000 යන මිල ගණන් යටතේ වන ප්‍රවේශපත්‍ර සඳහා ඔවුන්ට 10%ක වට්ටමක් ලබා දීමට ද එම සංවිධායක මණ්ඩලය තීරණය කර තිබේ.    

අමරසිරි පීරිස්ගේ මෙම සංගීත සංධ්වනිය සම්බන්ධ සියලු විමසීම් 0770030001 සහ 0776742621 යන ජංගම දුරකථන ඔස්සේ සිදු කළ හැකි බව සංවිධායක මණ්ඩලය පවසයි. 

Advertiesment