Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


බුදු දහමට ගරහන්න විදේශ රටවලින් මුදල් ලැබිලා 


2023-05-31 7944

 

බුදු දහමට අපහාස කරන සහ ගරහන කණ්ඩායම්වලට විදේශ රටවලින් විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට තොරතුරු අනාවරණයවී තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

විදේශයන්හි විවිධ කණ්ඩායම් මේ පිරිස් මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා  ගිහියන් පමණක් නොව ඇතැම්  භික්ෂූන් වහන්සේලා පවා විදේශයන්හි මුදල්වලට යටවී මෙලෙස කටයුතු කර ඇති බවද  සඳහන් කරයි.

බුදු දහමට පහර දී සංස්කෘතික විනාශයක් ඇති කිරීමෙන් මේ රට විනාශ කිරීමට හැකි බව අවබෝධ කර ගෙන මේ දුෂ්ට බලවේග කටයුතු කරමින් සිටින බව පෙනී යන්නේ යැයිද විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියි.

ආගමික මතවාදයන්ට ගරහන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි පවසන විජයදාස රාජපක්ෂ මහතා මේ සඳහා නව නීති සකස් කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කරයි.

Advertiesment