Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


සම සමාජය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වේ


2023-05-30 8187

 

ලංකා සම සමාජ පක්ෂය උත්තර ලංකා සභාගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය රැස් වී මෙම තීන්දුව ගෙන ඇත්තේ උද්ගත වී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

මෙසේ ඉවත් වීමට තීන්දුවක් ගෙන ඇත්තේ උත්තර ලංකා සභාගය සමාජවාදී මාවතෙන් ඔබ්බට ගොස් ධනපති ක්‍රමයට අනුගත වීම නිසා බව සම සමාජ පක්‍ෂය පවසයි.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය උත්තර ලංකා සභාවේ සෙසු දේශපාලන පක්ෂයි.

Advertiesment