ඉල්ලා අස් විය යුත්තේ මහ ජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නොව රට බංකොලොත් කළ ආණ්ඩුව යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසූ අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
ජනක රත්නායක මැතිතුමා පසුගිය කාලය තුළ කටයුතු කරපු ආකාරය අපි අධ්‍යනය කළා. එතුමා සභාපති උනාට පස්සේ එතුමාගේ මූලික වගකීම තමයි සියලු පාරිභෝගිකයන්ගේ අයිතිය ආරක්ෂා කිරීම. එතුමාට චෝදනා පහක් දැන් එල්ල කරල තියනවා. චෝදනා දිහා බැලුවම චෝදනා පහෙන් හතරක්ම පාරිභොගිකයන් වෙනුවෙන් ඉදිරිපත් කරපු කාරණා.
ගරු ඇමතිතුමා මෙතන නෑ ඇමැතිතුමා කිව්වා නඩු ගණනාවක් දැම්මා කියලා. නමුත් එතුමා නඩු දැම්මේ පාරිභොගිකයන් වෙනුවෙන්. එතුමාට දූෂණ චෝදනා නෑ, එතුමාගේ මානසික මට්ටම ගැන චෝදනා නෑ, චෝදනා පහෙන් හතරක්ම තියෙන්නෙ පාරිභෝගිකයන් වෙනුවෙන් කතා කරපුවා. එතුමාට නඩු දාන්න පුළුවන්. නමුත් ගරු ඇමතිතුමාගෙන් අහනවා පෙන්වන්න මේ පනතේ එතුමාට නඩු දාන්න බැ කියලා වගන්තියක්. මේ පනතේ නැ. පාරිභොගික්යා වෙනුවෙන් ඔනෑම කටයුත්තක් කරන්න පුලුවන්.
එතුමා මොකක්ද කියන්නේ..? 0-30 % අතර වැඩි කරලා තියනවා. 275% කින්. 30% ජනතාව මේ රටේ ඉන්නවා. 0-40 යුනිට් අතර 275% කින් වැඩි කරලා තියනවා. නමුත් යුනිට් 191ක් පාවිච්චී කරන අයට සතයක්වත් වැඩි කරලා නෑ.එතුමා කියලා තියනව වර්ථමාන විදුලි බිල 27%කින් අඩු කරන්න පුලුවන් කියලා. දැන් ඇයි මෙහෙම මිල වැඩි කෙරුවේ. මොකද මේ රට බංකොලොත් වුණ නිසා. මේ අය රට බංකොලොත් කරලා භාණ්ඩාගාරය බිංදුවට බස්සලා මෙවැනි අධික මිලක් විදුලි බිල සඳහා අය කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ. මූලිකව වගකියන්න ඕනේ ආණ්ඩුව. ජනක රත්නායක නෙවෙයි. අස් වෙන්න ඕනේ ආණ්ඩුවයි. ආණ්ඩුව තමයි රට බංකොලොත් කෙරුවේ. රට බංකොලොත් කරපු නිසා තමයි රටේ සෑම අංශයක්ම, සෑම ආයතනයක්ම ඇද වැටුනේ. අපි අද විපක්ෂයේ කතාව වෙලාවේ ආණ්ඩුවේ කවුරුත් නෑ ආණ්ඩුව අද කල් ඉකුත් වෙලා.
අද අපි කතා කරන්න ස්වාධීන ආයතනයක් ගැන ,නමුත් අද මේ විවාදයෙන් දෙන පණිවුඩය මොකක්ද ආයතන ස්වාධීන උනාට තිරය පිටුපස තීරණ ගන්න වෙන කවුරුත්.ජනක රත්නායක මැතිතුමා පත් කිරීමට ගන්නා උත්සාහය තිරය පිටුපස බලපෑමක්.ඔහුට අස්වැන්න කිව්වා අසු වුන් නෑ ඒම නිසා යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ.
අධිකරණයට මොකද්ද උනේ,අධිකරණය මැතිවරණය පවත්වන්න කිව්වා ,නමුත් මැතිවරණය තිබ්බද? නඩු තීන්දුව දුන්න විනිශ්චයකාරවරු පාර්ලිමේන්තුවට ගෙනාවා,ගෙන්න උත්සහා කෙරුවා.මැතිවරණ කොමිසම මැතිවරණ දිනය නියම කෙරුවා නමුත් ආන්ඩුව මුදල් දුන්නේ නෑ .ඒකයි මං කියන්නේ ස්වාධීන කොමිසම් අද අඩපණ කරලා.ස්වාධීන කොමිෂන් කිව්වට තිරය පිටුපස විශාල වශයෙන් බලපෑම් සිද්ධ වෙනවා.මැතිවරණ කොමිසම හිටපු නිලධාරිනියක් වන චාල්ස් මහත්මිය කාලයක් හැංගිලා හිටියා ,කොමිසමට් තීරණයක් ගන්න බැරුව එතුමිය එනකන් හිටියා , නීතිපතිවරයා අධිකරණයට ගිහින් කිව්වා මැතිවරණය තියන්න තිබ්බේ ගිය සැප්තැම්බර් මාසේ කියලා .පළාත් පාලන මැතිවරණ තියෙන්න තිබ්බේ සැප්තැම්බර් මාසේ කියලා නීතිපතිවරයා කිව්වා .මැතිවරණ කොමිසමයි මේක ප්‍රමාද කළේ.
අද ජනක රත්නායක ඉවත් කිරීම මගින් ජාත්‍යන්තරට යන්නේ වැරදි පණිවිඩයක්.පණිවිඩය තමයි පොතේ ස්වාධීන කොමිෂන් තිබ්බට තිරයේ පිටුපස බලපෑම් සිද්ධ වෙනවා කියන එක.අපි ඉල්ලීමක් කරනවා අස්වෙන්න ඕනේ ජනක රත්නායක නෙවෙයි රට බංකොලොත් කරපු ආණ්ඩුවයි. ජනක රත්නායක මහතාද රට බංකොලොත් කරේ.
Lanka Newsweek © 2023