Sunday 10th of December 2023

English Tamil
Advertiesment


මානසික ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති ඕනෑ 


2023-05-19 2476

 

මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සිටින අය හඳුනා ගෙන ඔවුන් සමාජයට කරන අහිත කර ක්‍රියා වැලැක්වීම සඳහා නව නීති හඳුන්වා දිය යුතුව තිබෙන බව ද ඔහු කියා සිටියි.

රටේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව පවසන වජිර අබේවර්ධන මහතා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට හමුදාව කැඳවූයේ විශ්ව විද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව බවද සඳහන් කරයි.

විශ්ව විද්‍යාල ඇතුළෙන්ම රජයට අදාළ තොරතුර ලැබුණු බව කියා සිටින වජිර අබේවර්ධන මහතා විවිධ දේශපාලන අරමුණු තිබෙන අය මෙවැනි ක්‍රියා සිදු කරමින් සිටින බව ද පවසයි.

ආගමික ගැටුම් නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන ක්‍රියා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් සිටින බව ද වජිර අබේවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Advertiesment