Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


බුදු දහමට අපහස කළ දේවගැතිවරයා ගැන සජිත් මුනිවත රැකීම සැකයි 


2023-05-18 2478

 

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය මුනිවත රැකීම සැකයට තුඩු දෙන කාරණාවක් බව හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කරයි.

එම දේවගැතිවරයා සමග සජිත් ප්‍රේමදාස මහතා ද සම්බන්ධතා පවත්වා ඇති නිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔහු සහ සමගි ජන බලවේගය සිය ස්ථාවරය හෙළි කළ යුතු බවද පී හැරිසන් මහතා කියා සිටියි.

දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු බොහෝ පාර්ශවයන් සිය මතය ප්‍රකාශ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉල්ලා ඇති බවත් පෙන්වා දෙන පී හැරිසන් මහතා එවන් පසුබිමක ප්‍රධාන විපක්ෂය මේ සම්බන්ධයෙන් නිහඬව සිටීම පුදුමයක් බවත් පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය දේවගැතිවරයා සමග ඇති සම්බන්ධතා නිසා මෙසේ මුනිවත රකින්නේදැයි  සැක කළ හැකි බවද පී හැරිසන් මහතා වැඩි දුරටත් කියා සිටියි. 

Advertiesment