මානව හිමිකම් රැක ගනිමින් උද්ඝෝෂණ ක්‍රියාත්මක කිරීමෙම් දී රාජ්‍ය සහ නීතී නිළධාරීන් අනුගමනය කළ යුතු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශන මාලාව අතිශය කාලෝචිත යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
කොළඹ දී බදාදා (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව අවධාරණය කළ කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
මෙරට ජනතාවගේත්, රජයේත්, රාජ්‍යය සහ නීතී නිළධාරින්ගේ සේම නිත්‍යානුකූලව විරෝධතාවලට සහභාගී වන සෑම පාර්ශවවලද අවධානය යොමු කිරීම සඳහා මෙම සාකච්ජාව අද පවත්වනවා.මෑත කාලයේ විවිධ විරෝධතා පැවතුණා. සමහර විරෝධතා සාමකාමී වූ අතර සමහර විරෝධතා තුළ ප්‍රචණ්ඩත්වයක් දුටුවා. මෙහිදී පොලීසීයේ ක්‍රියාකලාපයද විවේචනයට ලක් වුණා. මෙයින් ජනතාව විශාල අපහසුතාවයකට පත් වූ අතර වාහන ගමනා ගමනයටද දැඩි බලපෑම් ඇති වුණා. විදේශ විනිමය අනවශ්‍ය ලෙස විනාශ වුණා. මෙවැනි අවස්ථා නිසා සමහර රටවල් ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් ලෙස නම් කළා. මෙයින් සංචාරක ව්‍යාපාරයටද විශාල හානියක් සිදු වුණා.
මෙම කරුණු වටහා ගත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉතා වටිනා කාලෝචිත නිර්දේශිත මාර්ගෝපදේශන මාලාවක් ප්‍රකාශයට පත් කළා. මෙහිදී වැදගත්කම වනුයේ සමාජයේ සෑම කොටසක්ම මෙය සකස් කිරීමේදී දායක වීමයි. පොලිස්පති හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් නියෝජනය කරමින් ඒම සේවාවල ජ්‍යෙෂඨතම නිළධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින් මෙන්ම වෘත්තීය සමිති හා සමහර විරෝධතාකරුවන්ගේ ද මෙහිදී අදහස් විමසා තිබීමත් යෝජිත නිර්දේශිත මාර්ගෝපදේශන සඳහා මෙය සෑම දෙනාගේම ආශිර්වාදය ලබා තිබීම ඉතා වැදගත්. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේහි "14 (01) ආ" වගන්තිය මඟින් සහතික කර ඒහි ඇති ව්‍යතිරේකයන්ම සමිති සරක්ෂා කොට ඇති සාමකාමීව උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය සුරැකීම සෑම පාර්ශවයකම යුතුකමයි. නිර්දේශිත මාර්ගෝපදේශනයෙහි අරමුණු වනුයේ,
01.ප්‍රජාතන්ත්‍රවාදය සුරකින සමාජයක ජාතික ආරක්ෂාව සහ පොදු විනය සුරකිනු පිණිස නීතීය මඟින් නියම කොට ඇති නෛතික සීමාවන්ට ද යටත්ව සාමකාමීව ඒක්රැස් වීමට ඇති අයිතිය පිළිගැනීම. (1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවෙහි 14 (01) (ආ) ව්‍යවස්ථාව හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි 21 වන වගන්තිය).
02. නීතියේ ආධිපත්‍ය ප්‍රවර්ධනය හා සුරක්ෂා කිරීම සඳහාත් සියලු දෙනාගේම මානව හිමිකම් හා ව්‍යවස්ථාපිත මුලික අයිතිවාසිකම් සහතික කිරිම සඳහාත් රාජ්‍ය සතු සබැඳියාවන් ව්‍යවස්ථාව මඟින් පිළිගැනීම.
03.ව්‍යවස්ථාව මඟින් ස්ථාපිත කොට ඇති සාමකාමීව ඒක්රැස් වීමට ඇති අයිතිය සියලු දෙනා හටම භේදයකින් හා බියකින් තොරව භුක්ති විදීමට ඇති බව පිළිගැනීම.
04. සාමකාමී විරෝධතාවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දේශීය නීතී හා අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව විසින් අනුගමනය කිරීමට බැඳී සිටින්නා වූ මානව හිම්කම්වලට අනුකූලව, නීතී ක්‍රියාත්මක කරනු ලබන නිළධාරීන් කටයුතු කරන බව සහතික කිරීම.
05. ව්‍යවස්ථාව මඟින් පිළි ගෙන ඇති අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමටත්, පිළිපැදීමටත් වගකීමක් ඇති බව ඇතුළුව, පුද්ගලයන්ට ඒකිනෙකා කෙරෙහි යුතුකම් හා වගකීම්ද ඇති බව පිළිගැනීම.
ඒහි විෂයපථය වනුයේ,
01.මෙම නිර්දේශිත මාර්ගෝපදේශ ශ්‍රී ලංකා ව්‍යවස්ථාව මඟින් පිළි ගෙන හා සහතික කර ඇති සාමකාමීව ඒක්රැස්වීමට ඇති අයිතිය හා බැඳි මූලික අයිතිවාසිකම් පුනර්වාචනය කර සිටී.
02.ඒමඟින් මෙහිදී මහ ජන විරෝධතා අතරතුර ඇති විය හැකි ප්‍රචණඩත්වයන් වැළකීමට සහ අවධානයට ලක් කිරීමට අපේක්ෂා කරන අතර ඒමඟින් ප්‍රධාන වශයෙන් රාජ්‍යයකටත්, විශේෂයෙන්ම නීතී ක්‍රියාත්මක කරනු ලබන නිළධාරීන් සතුවත් තිබිය යුතු වගවීම තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.
03.මෙම නිර්දේශිත මාර්ගෝපදේශනයෙහි ඇතුළත් ආකෘතිය වනුයේ, 3.1.කුමන වාතාවරණයක් තුළ වුවද උද්ඝෝෂණකරුවන් වධහිංසාවලට හෝ කෘර අමානූෂික හෝ අවමන් සහගත සැළකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකරන බවට ස්ථාපිත කළ යුතු වීම.(ව්‍යවස්ථාවේ 11වන වගන්තිය).
3.2. උද්ඝෝෂණකරුවන් අත්තනෝමතිකව සිර භාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස් බව ස්ථාපිත කළ යුතුවීම. (ව්‍යවස්ථාවේ 13(01),13(02),13(03),13(04),13(05) සහ 13(06) වන වගන්ති). ව්‍යවස්ථාවේ 13 (05) සහ 13 (06) වන වගන්ති මඟින් සහතික කොට ඇති අයිතීන් නීතී ප්‍රකාරව රටේ ජාතික ආරක්ෂාව සැළකිල්ලට ගනිමින් පමණක් සීමාවට ලක් කර ඇති බව වටහා ගැනීම.
3.3. සියලුම පුද්ගලයින් නීතිය ඉදිරියේ සමාන බවත් නීතීයේ රැකවරණයට කිසිදු භේදයකින් තොරව හිමිකමි ඇති බවත් තහවුරු කළ යුතුවීම. මේ සම්බන්ධයෙන්, නීතියට අනුව ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය උපන් ස්ථානය හෝ ඒවැනී ඕනෑම හේතුවක් මත වෙනස් කොට සැළකීමට ඒරෙහිව කටයුතු කළ යුතු අතර සියලු පුද්ගලයන්ට සමාන හා ඵලදායී ආරක්ෂාවක් ලබාදිය යුතුවීම. (ව්‍යවස්ථාවේ 12වන වගන්තිය).
3.4.සෑම පුරවැසියකුටම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇති බව සහ ඒකී අයිතියට සාමකාමීව රැස්වීමේ නිදහසද ඇතුළත් බව ස්ථාපිත කිරීම. (ව්‍යවස්ථාවෙි 14(1) (අ) සහ (ආ)).
04.ඉහත අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතීයෙන් නියම කර ඇති සීමාවන් වන ජාතික ආරක්ෂාව හෝ මහජන ආරක්ෂාව, වාර්ගික හා ආගමික සංහිඳියාව ආරක්ෂා කිරීම හෝ අන් අයගේ අයිතිවාසිකම් නිදහස ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ අයිතිවාසිකම් හැර වෙනත් කිසිදු සීමාවක් නොපවතින බව මාර්ගෝපදේශනය මඟින් සහතික කර පැහැදිලි කර දැක්වීම. (ව්‍යවස්ථාවේ 15(3) සහ 15(7) වන වගන්ති).
මෙම නිර්දේශ ඒළිදැක්වීමේ උත්සවය ශේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර ඒහිදී කෝදාගොඩ විනිසුරුතුමන් විරෝධතා වර්ග දෙකක් පිළිබඳ සඳහන් කළේය. ඒ් සාමකාමී හා ප්‍රචණ්ඩ විරෝධතා යනුවෙනි. මෙහිදී සාමකාමී විරෝධතා සඳහා කිසිදු බාධාවක් සිදු නොකිරීමට පොලීසිය වග බලා ගත යුතුයි.
මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශවත් විරෝධතා සංස්කෘතියක් ඇති කළ හැක. එය රටටත්, රජයටත්, විරෝධතාකරුවන්ටත් ගෞරවයක් ලබා දෙනු ඇත. ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයන් තුළ මෙම ක්‍රමවේදය බලපැවැත්වේ.
කලින් අවසර ලබා ගෙන නීත්‍යානුකූලව පැවැත්වෙන විරෝධතා පෙළපාලි වලට බාධා කිරීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බව විෂය භාර අමාත්‍යතුමන් විසින් කිහිපවිටක්ම අප වෙත දන්වා ඇත. එදිනෙදා ජන ජීවිතයට ද බලපෑමක් ඇති නොවන පරිදි ක්‍රියා කිරීම මෙහි දී ඉතා වැදගත්.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙම යෝජනාවලිය තුළින් රට නව මඟකට යොමු වේවායි පතනවා. එමෙන්ම මෙම ජාතික කාර්යභාර්ය සඳහා නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමේ ගරු සභාපතිනිය ඇතුළු සියලුම කොමිෂම් සාමාජිකවරුනටත්, සැකසීමේදී විශාල වගකීමකින් හා ඒකඟත්වයෙන් යුතුව සහභාගී වූ පොලිස්පත්තුමාගේ හා ත්‍රිවිධ හමුදාපතිවරුනගේ නියෝජිතයින්ටත්, කොමිෂම් සභාවේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපගේ ප්‍රණාමය හා ගෞරවය පුද කරමු.
මෙම යෝජනාවලිය දැනටමත් ගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කර ඇති අතර පොලිස්පතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, වෘත්තීය සමිති හා විරෝධතාකරුවන් වෙත ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පිටපත් යොමු කර තිබෙනවා. මෙම සියලුම පාර්ශවයන් නීත්‍යානුකූලව කටයුතු කිරීමෙන් අප පතන යහ සමාජය නිතැතින් බිහි වනු ඇත.
Lanka Newsweek © 2023