Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


රාජ්‍ය ආයතන 430ක් විකිණේ..!


2023-05-14 2552

 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනා ගෙන ඇත.

ඒ ආයතන අතරින් සමහර ආයතන විකුණා දමනු ඇති අතර, තව ප‍්‍රමාණයක් වසා දැමීම, ඒකාබද්ධ කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරනු ඇති අතර මෙම ක්‍රියාවලිය ඉදිරි මාස දෙක ඇතුළත දී ආරම්භ කර වසර අවසන් වන විට අවසන් කිරීමට නියමිතය. 

අදාළ ආයතන 430 අතරට සංස්ථා 39ක්, සමාගම් 218ක් සහ ව්‍යවස්ථාපිත මණ්ඩල 173ක් ඇතුළත් වන අතර සමාගම්වලට ප්‍රාදේශීය වැවිලි සමාගම් 21ක් ද ඇතුළත්ය. මෙම ආයතනද ඒ අතර වෙයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව
ලංකා විදුලිබල මණ්ඩලය
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්
සිලෝන් ෂිපින් කෝපරේෂන් ලිමිටඩ්
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව
හෝටල් සංවර්ධක ලංකා පීඑල්සී
ලංකා සතොස ලිමිටඩ්
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
මයික්‍රෝ (පුද්ගලික) සමාගම
රාජ්‍ය මුද්‍රණ සංස්ථාව
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරිය

Advertiesment