සිංහල සුභාවිත සංගීතයේ දාර්ශනික හඬ පෞර්ෂය, විශාරද අමරසිරි පීරිස් සංගීත සංධ්වනිය "හන්තානට පායන සඳ" සජීවී සංගීත ප්‍රසංගය එකම පවුලේ සියලු දෙනාට එකට සිට නැරඹිය හැකි යැයි සංවිධායක මණ්ඩලය පවසයි.
මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත් රුපියල් 1000, 2000, 3000 සහ 4000 යන මිල ගණන් යටතේ වර්ග කර ඇති අතර මෙම සියලුම කාණ්ඩයේ ප්‍රවේශපත්‍ර අංකනය කර ඇත. එම නිසා ඒ ඒ ප්‍රේක්ෂකයින්ට සිය අවශ්‍යතාවය පරිදි අසුන් වෙන්කරවා ගත හැකිය.
ප්‍රසංගය 2023 ජූනි 10 වැනිදා සවස 7.00 ට මහරගම තරුණ සේවා සභාවේ දී උත්කර්ශවත් අයුරින් පැවැත් වීමට කටයුතු යොදා ඇති අතර ගරු ආරාධිතයින් ලෙස ප්‍රවීන ගායන ශිල්පිනියන් වන ජනනි පීරිස් සහ උරේෂා රවීහාරි එහිදී විශාරද අමරසිරි පීරිස් සමග යුග ගීත ගයති.
විශාරද මනෝජ් පීරිස් සංගීතය සපයන මෙම සංගීත සංධ්වනියේ ප්‍රවේශපත් මහරගම, පිළියන්දල, නුගේගොඩ, දෙහිවල, බත්තරමුල්ල පැලවත්ත සහ කොට්ටාව පිහිටි "සරසවි" පොත්හල්වලින් ද, නාවින්න, හයිඩ් පාර්ක්, දෙහිවල, පිළියන්දල සහ කොට්ටාව පිහිටි "ආර්පිකෝ" සුපිරි වෙළෙඳ සැලින් ද, නුගේගොඩ, දෙහිවල සහ "ලිබර්ටි ප්ලාසා" හී පිහිටි "Kandy" රෙදිපිළි අලෙවි සැල්වලින් ද, Mytickets.lk වෙතින් මාර්ග ගත ක්‍රමයට ද මිල දී ගත හැක.
Lanka Newsweek © 2023