Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


රට ගිය සරසවි ඇදුරෝ කෝටි 200 ක් පොලු තියති


2023-05-03 1809

 

උසස් අධ්‍යාපනය සදහා වි‍දේශ ගතව යළි නොපැමිණි  විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙළිදරව් කර සිටියි. 

මෙම මුදල අදාළ ඇපකරුවන්ගෙන් හෝ  අය කර ගැනීමට කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් මෙහිදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරින්ට පෙන්වා දී තිබේ.

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 ක පමණ පිරිසගෙන් අදාළ හිඟ ගෙවීම් කර ඇත්තේ ආචාර්යවරුන්  84 දෙනකු පමණක් බවට ද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැඩි දුරටත් තොරතුරු අනාවරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාසයක කාලයකදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දැනුවත් කරන ලෙස  එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

Advertiesment