Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


එක්ස්ප්‍රස් පර්ල් අල්ලස සොයන්න තේරීම් කාරක සභාවක්


2023-04-29 3249

 

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාවක් පත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාවක් පත් කිරීම වැදගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.

එවැනි කාරක සභාවක් පත් කිරීමෙන් සිද්ධියේ සුලමුල සියල්ල අනාවරණය කර ගත හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා  එහිදී වැඩි දුරටත් සඳහන් කළේය.

මීට අමතරව නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ද එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.

මේ අතර එම අල්ලස් ගත්තැයි සඳහන් පුද්ගලයා පිළිබඳවත් ඔහුගේ ලිපිනය ගිණුම් අංකය ඇතුළු තොරතුරු පිළිබඳවත් අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළේය.

එසේම එක්ස්ප්‍රස් පර්ල් අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි යොමු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය  කර ඇත.

Advertiesment