වත්මන් රාජ්‍ය සේවය රටේ අනාගතයට විසල් අභියෝගයක් වී ඇතැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකාව උපයන සෑම රුපියල් සියයකින්ම රුපියල් හතළිස් හතරක් (44 +) හෝ ඊට වැඩි මුදලක් වැය වනුයේ රාජ්‍ය සේවාව සඳහාය යැයි පෙන්වා දෙන රවී කරුණානායක මහතා මහ ජන නියෝජිතයන් පමණක් නොව රාජ්‍ය සේවය ද අද්‍යතන අර්බුදයන්ට එක සමානව වග කිව යුතු යැයි ද කියා සිටියි.
පාර්ලිමේන්තු නියෝජිතයින් ඇතුළු මහ ජන නියෝජිතයන් පිළිබඳව පමණක් අවධානය යොමු කිරිමෙන් රට මුහුණ දී සිටින අද්‍යතන අර්බුදයට තිරසර විසදුම් නොලැබෙනු ඇතැයි ද රවී කරුණානායක මහතා පවසයි.
ශ්‍රී ලාංකේය රාජ්‍යය සේවාව යනු (2018 සංඛ්‍යා ලේඛන අනුව) පුද්ගලයන් 1,104,219 සමන්විත විසල් මිනිස් සහ භෞතික සම්පත් ජාලයක් වන බව පෙන්වා දෙන රවී කරුණානායක මහතා විශේෂයෙන් ලක්ෂ පහළොවකට (ත්‍රිවිධ හමුදාව ද ඇතුළත්ව) ආසන්න රජයේ සේවකයන්ගේ අභිප්‍රේරණය සහ ඵලදායිතාව සම්බන්ධයෙන් වඩාත්ම අවධානය යොමු විය යුතු යැයි ද කියා සිටියි.
මේ අනුව රටට-ජාතියට බරක් වී ඇති රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලීකරණය කිරීම හෝ ප්‍රතිව්‍යුහ ගතකරණය කිරීම කළ යුතු යැයි ද, සැබැවින්ම ශ්‍රී ලාංකේය රාජ්‍ය අංශයේ ඵලදායී තාවය දුර්වලය සහ උදාසීන යැයි ද ඔහු කියා සිටියි.
එසේ ක්‍රියා කරමින් ශ්‍රී ලාංකේය ජාතියේ විශේෂයෙන් පොදු බහුතරයේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සේවය නව්‍යකරණය කළ යුතු වන අතර නව්‍යකරණයට එරෙහිව ව්‍යාජ අදහස් උදහස් ඉදිරිපත් කරන අවස්ථාවාදී දේශපාලකයන්ගේ සහ විවිධාකාර ආගමික නායකයන්ගේ උගුල්වල හිරවීම හේතුවෙන් ශ්‍රී ලාංකේය ජාතිය අද්‍යතන තත්ත්වයට පත් වූ බව අමතක නොකළ යුතු යැයි ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
Lanka Newsweek © 2023