කල් මරමින් පැවති ඇමති මණ්ඩල සංශෝධනයත්, නියමිත සේවා කාලය අවසන් වී සිටින ආණ්ඩුකාරවරුන් පත් කිරීම සහ දැනට පුරප්පාඩු වී පවතින තානාපතිවරුන් 12දෙනා පත් කිරීමත්, අප්‍රේල් මස අවසන් වීමට පෙර සිදු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ගවලට අනුව දැනට කාලය අවසන්ව සිටින ආණ්ඩුකාරවරුන් නව දෙනා ම ඉවත් කරන්නට යන බවත්, ඇතැම් විට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නැවත නම් කිරීමට ඉඩ ඇති බවත් දැන ගන්නට ඇත.
ශ්‍රී ලංකා පොඩ් ජන පෙරමුණේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පත්ව තිබුණේ ආණ්ඩුකාරවරුන් 9 දෙනාගෙන් පස් දෙනෙකු එම පක්ෂයෙන් ද, අනෙක් හතර දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ද පත් කිරීමට ය.
ඒ අනුව, දැනට සිටින ආණ්ඩුකාරවරුන්ගෙන් පස් දෙනෙකු පත් කිරීමට ශ්‍රී ලංකා පොඩ් ජන පෙරමුණ ඉල්ලා තිබිණි. මේ අතර, එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරන්නට යන ආණ්ඩුකාරවරුන් කවුරුන්දැයි එම දිනවල මාධ්‍ය මගින් නම් ප්‍රචාරය කර තිබිණි.
Lanka Newsweek © 2023