Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


නිර්පාක්ෂික ජනපති අපේක්ෂකයා රනිල්


2023-04-10 11674

 

2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි පත් වන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන රවී කරුණානායක මහතා පවසයි.

ජාතික එකඟතා ආණ්ඩුවක් ස්ථාපිත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී ඇතැයි ද රවී කරුණානායක මහතා කියා සිටියි.

මේ අතර 2024 ජනාධිපතිවරණයට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට දැනුම් දී තිබෙන බව "සිරිකොත" මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

රවී කරුණානායක මහතා කියන ආකාරයට සියලු පාර්ශවයන්ගේ සහය ඇතිව නිර්පාක්ෂික ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතීම් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇති අතර ඔහු මේ වන විටත් ඊට අවශ්‍ය සලසුම් සකරස් කරමින් සිටියි. 

Advertiesment