Sunday 10th of December 2023

English Tamil
Advertiesment


පොහොට්ටුව-සජබ ඇමතිකම්වලට හැප්පෙති


2023-04-10 11509

 

ඉදිරියේදී සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ඉතිරි වී ඇති අමාත්‍ය ධුර දහය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිස් දෙනකුගෙන් සමන්විත වන අතර, එම සංඛ්‍යාවෙන් කැබිනට් ඇමතිවරුන් විසි දෙනෙක් දැනටමත් පත්ව සිටිති.

ඉදිරියේ දී සිදු කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී,අලුතින් අමාත්‍යවරුන් දස දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙන අතර, එම අමාත්‍ය ධුර දහය සඳහා දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි දැන ගන්නට තිබේ.

අමාත්‍ය ධූර සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනකුගේ පමණ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

මේ අතර , සමගි ජන බලවේගයේ ද රාජිත සේනාරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූර ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දෙන්නේ නම් එම ඇමති ධූරය බාර ගැනීමට තමා සූදානම් බව රාජිත සේනාරත්න මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති අතර,සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ සම්බන්ධයෙන් එකඟතාවක් පළ කර නැතැයි වර්තාවේ.

 

Advertiesment