විනයක සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගා ජනතාව සවි බල ගැන්විය නොහැකි යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් ඇමති රවී කරුනනනයක මහතා අවධාරණය කර සිටියි.
මේ උදාවී තිබෙන්නේ රට ගොඩ ගත හැකි අවසාන අවස්ථාව යැයි පෙන්වා දෙන රවී කරුණානායක මහතා එමනිසා ජනතාව මේ අවස්ථාවේ දී ඉතාම බුද්ධිමත්ව, වගකීම් සහගතව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු යැයි ද කියා සිටියි.
විපක්ෂය සහ ඇතැම් වෘත්තීය සමිති මේ අවස්ථාවේ දී ක්‍රියා කරමින් සිටින්නේ රට වැනසීමට විනා රට ගොඩනගා ජනතාව ශක්තිමත් කිරීමට නොවන බවට ද රවී කරුණානායක මහතා චෝදනා කර සිටියි.
රටක්-ජන සමාජයක් වැනසී විනාශ වීමට ප්‍රධානතම හේතුව වනුයේ දේශපාලන නුගත්කමය යන්න (Political Illiterate) ගෝලීය පිළි ගැනීම වන බව පෙන්වා දෙන රවී කරුණානායක මහතා රට මුහුණ දෙන තීව්‍ර අර්බුදය දේශපාලන නූගත්කම යැයි ද රාජ්‍යය අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසා යැයි ද අවධාරණය කර සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය සෑම ක්ෂේත්‍රයකම ප්‍රතිසංස්කරණ සිදු කරමින් බංකොලොත් භාවයෙන් සහ රාජ්‍ය අසාර්ථකතත්වයෙන් රට බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව කියා සිටින රවී කරුණානායක මහතා එම නිසා මේ මොහොතේ ජනතාව කළ යුත්තේ අවස්ථාවාදී, දේශද්‍රෝහී සහ පටු අරමුණු ඇති බලවේගවලට අසු නොවී රට ගොඩනගන මෙම වැඩ පිළිවෙළට සහය වීම යැයි ද අවධාරණය කර සිටියි.
Lanka Newsweek © 2023