නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියත් වත්මන් ආණ්ඩුව එසේ නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්නේදැයි සභා නායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර සිටියේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රශ්න කරමින් පාර්ලිමේන්තුවේදී මෙසේ ද කියා සිටියේය.
රට බංකොලොත් කළේ ආණ්ඩුව. රට බංකොලොත් කරපු ආණ්ඩුව අපෙන් අහනවා විසඳුම මොකක්ද කියලා.ආණ්ඩුව රට බංකොලොත් කරානන් දාලා යන්න ඕනේ.අනිත් කාරණය තමයි ලෙඩා මරපු දොස්තරට බෙහෙත් කරන්න පුලුවන්ද..? මේ අය රටේ ජනතාව මැරුවා.දැන් මරපු අයම බෙහෙත් කරන්න හදනවා.අපි රට බාර දෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන හතක් අටසියක් එක්ක රට භාර දුන්නෙ.ඒක මිලියන 20ට බැස්සුවා.පාර්ලිමේන්තුවටත් කිව්වේ නෑ.ගිය වසරේ මැයි මාසයේ මහ බැංකු අධිපතිවරයා ඇවිත් තමයි කිව්වේ විස්සට බැහැලා කියලා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පලවෙනි මුදල් කොටස ලබා දෙන කොට , වගන්තියක් ඇතුළත් කළා .නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරන්න ඕනේ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා.වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරාද?මැතිවරණ කල් දැම්මා.මැතිවරණය පවත්වන්න කියලා අධිකරණය තීන්දුවක් දුන්නා ,නමුත් මැතිවරණය තිබ්බද?
මාධ්‍යවේදීන් ගෙනාවා පාර්ලිමේන්තුවට,මැතිවරණ කොමිසම වරප්‍රසාද කමිටුවට ගෙනාවා,රාජ්‍ය ඇමති තුමාට කියන්න කැමතියි හිතන්න එපා ඔක්කොම හමාරයි කියලා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළමු මුදල් කොටස දුන්නා ඒ දුන්නේ නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කරනවා කියන පොරොන්දුව මතයි.සාමකාමී පෙළපාලි වලට පහර දුන්නා.දෙන්නෙක් මැරුණා.මේවා කරනකොට මේ ආණ්ඩුව තමයි අපේ රට අනතුරේ දාන්නෙ.2019 සිට මේක තමයි කරේ.මුළු රටම අනතුරේ දැම්මා.නියෝජ්‍ය ඇමතිතුමා කියනවා අපි වෙලාවට මූල්‍ය අරමුදලට ගියේ නෑ කියලා.විපක්ෂයේ අපි වසර දෙකකට කලින් යන්න කියලා කිව්වා.මේ අය එතකොට කිව්වා දේශීය විසඳුම් තියෙනවා කියලා .තටම තටම හිටියා මූල්‍ය අරමුදලට ගියේ නෑ.ආණ්ඩුව තමයි රට බංකොලොත් කරේ,වසර දෙකක් ප්‍රමාද වෙලා මූල්‍ය අරමුදල ගියෙත් ආණ්ඩුව.දැන් එච්චර හොඳට වැඩ යනවනං ඡන්දයක් තියන්න.
ඒ කාලේ මුදල් ඇමතිවරයෙක් හිටියා,මාස ගනනාවක් කතා කළේවත් නැහැ.අපි කිව්වා දහනම වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න එපා කියලා.මම සංශෝධන 25ක් ගෙනාවා.ප්‍රතික්ෂේප කෙරුවා.අවුරුදු දෙකක් යනකොට 19 ව්‍යවස්ථා සංශෝධනයේ කරුනු ඇතුළත්ව විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා.
ආණ්ඩුවේ මන්ත්‍රීවරු පසුගිය කාලයේ කතා කළා අපනයනය කරන මුදල් ලංකාවට එන්නෙ නැති එක ගැන.30% ලංකාවට මුදල් එන්නෙ 60% එන්නෙ නෑ.මේ පිළිබඳ ආණ්ඩුව විපරමක් කරන්න ඕනේ.සාමාන්‍ය මිනිසුන්ගෙන් බදු ගහන්නැතුව විදුලි බිල වැඩි කරන්නැතුව,රාජ්‍ය ආයතන විකුණන්නෙ නැතුව,මොකද පසුගිය වසර 10 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 50ක් අපනයන මුදල් ලංකාවට ආවේ නෑ.විවිධ මත තියෙනවා මේ ගැන.මහ බැංකුව වෙලාවකට කියනවා එහෙම ගෙනාවේ නෑ කියලා.සමහර වෙලාවට කියනවා සල්ලි සියල්ලම ගෙනාවා කියලා.මම රජයට කියනවා මේක ගැන හොයලා අවශ්‍ය පියවර ගන්න කියලා.
ආණ්ඩුව තවමත් ගේම් ගහනවා.මැතිවරණ කල් දාලා.හිටපු මැතිවරණ කොමසාරිස් ට කතා කරලා තියෙනවා සීමා නිර්ණය සඳහා .පළාත් පාලන මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ කමිටුවේ සභාපති ගරු අගමැතිතුමා.2012 සිට අද වනතුරු වසර දහයක් මේ කමිටුවේ සභාපති දිනේෂ් ගුණවර්ධන අගමැති තුමා.වසර 10 බලන් නැතුව ඉඳලා මැතිවරණයක් ආවම මැතිවරණය අවුල් කරන්න සීමා නිර්ණය කමිටුවක් දාලා.
අපි රජයට කියනවා.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලබන මාසේ ලංකාවට එනවා.අපි ඒ අයට කරුණු ඉදිරිපත් කරනවා.මැතිවරණය කල් දැමීම ගැන,විනිශ්චකාරවරුන් ට කරන හිරිහැර ගැන,මාධ්‍යවේදීන්ට කරන හිරිහැර ගැන,මැතිවරණ කොමිසමට කරන පීඩනය ගැන,අපි කියනවා.මේකෙ තියනවා ආණ්ඩුව සිවිල් සංවිධාන සමඟ කටයුතු කරන්න ඕනි කියලා.ආණ්ඩුව වැඩ කරනවද.කිසිම සංවාදයක් නැහැ.ජාත්‍යන්තර සංවිධාන සියල්ල කියලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනුවෙදි සාමාන්‍ය ජනතාවට ඇති පීඩනය අඩු කරල නෑ කියලා.මැතිවරණ පවත්වන්න කියලා තියෙනවා.මල්වතු අස්ගිරි මහ නායක හිමිවරු පවා ප්‍රකාශයක් නිකුත් කරා.කාදිනල් උන්වහන්සේත් කිව්වා.නමුත් ආණ්ඩුවෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ.ආණ්ඩුවේ බහුතරය තියෙනවා කියලා උජාරුවට කතාකරල වැඩක් නෑ.එළියට ගිහිල්ලා බලන්න ඇත්ත තත්ත්වය තේරෙයි.1945 බ්‍රිතාන්‍ය ලෝක යුද්ධය අවසන් වුණා,මුළු ලෝකෙම කෝටි ගණන් මිනිස්සු මැරුණා.එංගලන්තයේ ගොඩනැගිලි 245000 විනාශ වුණා .ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඇදවැටුණා.1945 ලෝක යුද්ධය අවසන් වෙලා මාස තුනකට පසු පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා.ඒක තමයි ප්රජාතන්ත්රවාදය කියන්නේ.මැතිවරණ කල් දාන්න කල් දාන්න ආන්ඩුවේ තත්ත්වය මීට වඩා අසාධ්‍ය වෙනවා.අපි ජනමතයට හිස නමමු.ඇයි ජනමතයට මුහුණ දෙන්න බය.
Lanka Newsweek © 2024