1979 ගෙනා පැරැණි ත්‍රස්තවාදී පනතට වඩා නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක සහ වහල් පනතක් යැයි කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.
එම නව ප්‍රති ත්‍රස්ත පනත ජන පීඩක වහල් බව සහ ඒකාධිපති වියරුව රටේ ප්‍රචලිත කරන පනතක් බැවින් එම පනත හෙළා දකින බවද උන්වහන්සේ පැවැසූහ.
කොළඹ 8, අගරදගුරු මැදුරේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසූ කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ එහිදී මෙසේද පැවසූහ.
"මෙම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කරන යමෙකු වේද ඔවුන් මේ රට හා එහි ජනතාවට ආදරය නොකරන්නන් බව කිව යුතුය. මෙම පනත ගෙන එන හෝ එයට පක්ෂව ඡන්දය දෙන අය කරාම එය ඉදිරියේදී භූමරංගයක් වනු නියතයි. 2023 ත්‍රස්ත විරෝධී පනත පසුගිය මාර්තු 17 වනදා ගැසට් කරන්න යෙදුනා. ඒකේ අර්තකථනය කිරීමේ බලය ගොඩක් දුරට දීලා තියෙන්නේ පාලනය කරන අයට. මේ පනතේම කොටසක තියෙනවා මිසලේනියස් ඕඩර්ස් කියලා. ඒකෙන් සම්පූර්ණයෙන්ම ජනාධිපතිගේ අතට තමයි නීතියේ බලය දීලා තියෙන්නේ. ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ බලය එතුමාට පවරලා තියෙනවා. එතකොට දේශපාලන පක්ෂයක් තහනම් කරන්න පුළුවන්. ඒ පක්ෂය ත්‍රස්තවාදී වැඩ කරනවා කියලා මවලා ඒක තහනම් කරන්න පුළුවන්. මේ පනත ගේන්නේ විරෝධතා පාලනය කරන්න කියන එකට තමයි අපිට හිතා ගන්න පුළුවන්. මේ පනත අත්‍යවශ්‍ය සේවාවලට බාධා කිරීම, මහජන සොඛ්‍ය සේවා අනතුරට දැමීම, මහ ජනතාවගේ ආරක්ෂාවට බාධා කිරීම හා නිත්‍යානුකූල නොවන රැස්වීම් පැවැත්වීම, ත්‍රස්ත ක්‍රියා ලෙස හඳුන්වා තිබෙනවා. රැස්වීම් තියන්න, වර්ජන කරන්න බැහැ එවැනි ක්‍රියා ත්‍රස්තවාදයක්. එලෙසම පළමුවරට මෙවැනි චෝදනාවලට මරණ දඬුවම ලබාදෙන්න පුළුවන් බවට මේ පනතේ පෙන්වා දෙනවා. අපි ඉල්ලා සිටින්නේ. මේ අවස්ථාවේදී රට ගැන කැක්කුමක් තියෙන සියලුදෙනා එකතුවෙලා යෝජිත ත්‍රස්ත විරෝධි පනත පරාජය කරන්න."
Lanka Newsweek © 2023