Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


පාඨලී චමිපිකගෙන් නව පක්ෂයක්


2023-04-03 8871

 

රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජන රජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියි. 

බදුල්ල වැලිගම හෝටලයේදි පැවැති 43 වැනි සේනාංකයේ වැඩ මුළුවකින් පසුව ජනමාධ්‍යවේදීන් අමතා පාඨලී චම්පික රණවක මහතා මේ බව හෙළිදරව් කර සිටියේය.

බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමට කුසලතාව මත පදනම් වූ දේශපාලනයක් අවශ්‍ය වි ඇති බවත් පවුල් උරුමයෙන් රට පාලනය කරන දේශපාලනයට තිති තැබැයි යුතු බවත් පාඨලී චම්පික රණවක මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කර සිටියේය. 

Advertiesment