Saturday 2nd of December 2023

English Tamil
Advertiesment


ලොව පුරා කෝටි 30කගේ රැකියා අනතුරේ


2023-03-30 8620

 

දිනෙන් දින වර්ධනය වන කෘතීම බුද්ධිය හේතුවෙන් අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා කෝටි 30ක් අහිමි කරනු ඇතැයි ලෝක ආර්ථික සංසදයේ නවතම අධ්‍යයන වාර්තාව පෙන්වා දී ඇත.

ලෝක ආර්ථික සංසදයේ එම වාර්තාවට අනුව 2025 වසර වන විට ගෝලීයව මෝටර් රථ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා මිලියන 85ක් කෘතීම බුද්ධිය ගිල දමනු ඇත.

අනාගතයේදී සෞඛ්‍ය, සංගීතය සහ වෛද්‍ය ක්ෂේත්‍රයන්ටද කෘතීම බුද්ධිය අවතීරණ වනු ඇති බවත් එමගින් විශාල ප්‍රමාණයකට රැකි රක්ෂා අහිමි කරනු ඇති බවත් එම අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

කෘතීම බුද්ධිය හේතුවෙන් කෝටි 30ක් පමණ රැකි රක්ෂා ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් තිබුණත් කෘතීම බුද්ධියට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටද හැකියාව තිබෙන බව එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දී ඇත.

 

Advertiesment