Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


වර්ජනයට එක් නොවුණු බැංකු සේවකයින්ට ඇගයීම් ලිපි 


2023-03-27 8064

 

2023 මාර්තු මස 05 වැනිදා පැවැති කඩාකප්පල්කාරී මහා වැඩ වර්ජනයට සහය නොදී රටේ ආර්ථිකය ශක්තිමත් කළ ලංකා බැංකු සේවක සේවිකාවන් 3000ක ට සේවා ඇගයීම් ලිපි ප්‍රදානය කරමින් ඔවුන්ට ආචාරය සහ ස්තුතිය පුද කිරීමට ලංකා බැංකු කළමණාකාරීත්වය පියවර ගෙන තිබේ.

මෙසේ ලංකා බැංකු කළමණාකාරීත්වයෙන් ඇගයීම් ලිපි ලබා ඇත්තේ එම කඩාකප්පල්කාරී මහා වැඩ වර්ජනය වර්ජනය කරමින් රටේ ආර්ථිකය සහ බැංකු සේවා ශක්තිමත් කළ ලංකා බැංකුවේ ප්‍රගති බැංකු සේවක සංගමය ප්‍රධාන වෘත්තීය සමිති නියෝජනය කරන බැංකු සේවක සේවිකාවෝ වෙති.
 

   

Advertiesment