ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ණය ලබා දීමේ දී දැඩි කොන්දේසි පනවන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් බදාදා (22) රාත්‍රී විදෙස් තානාපතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඉල්ලීමක් කර ඇති බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා බ්‍රහස්පතින්දා (23) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.
එම සාකච්ඡාව කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී පවත්වා ඇති බව කියා සිටී ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩි දුරටත් අහස දක්වමින් මෙසේ ද පැවසීය.
"ගරු නියෝජ්‍ය කතානායකතුමනී, පළාත් පාලන මැතිවරණය විතරක් නෙමෙයි යහ පාලන ආණ්ඩුව පළාත් සභා මැතිවරණයත් කල් දැම්මා. මේ මැතිවරණ දෙකම තියනව නම් හොඳයි. අපිට ආරංචියි බදාදා (22) රාත්‍රියේ "Colombo Club" එකේ තානාපතිවරුන් එක්ක විපක්ෂය IMF ප්‍රතිපාදන ප්‍රමාද කරන්න කියලා සාකච්ඡාවක් තිබුණලු. එහෙම බැරි නම් බරපතළ කොන්දේසි දාන්න කියල යෝජනා කරලා තියෙනවා. හරි එහෙම නැත්නම් ඒ කතාව මේ සභාවට කියන්න. එහෙම කරන්න එපා. මම කිව්වේ මම දැනුවත් දෙයක්. එහෙම වෙලා තියේනම් ඒක නරකයි. හැබැයි රැස්වීම තියලා තියෙනවා."
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.
"ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි තානාපතිවරුන් හමු වුණා. සමඟි ජන බලවේඟය විතරක් නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයම එතනට ගියා. පළාත් පාලන මැතිවරණය කල් දැමීම ගැන අපි කතා කළා. පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥ්ඥප්තියේ 25 වැනි වගන්තිය යටතේ මැතිවරණය තියන්න ඕන. ඒක සියලුම දෙනා දන්න දෙයක්. ආණ්ඩුව ආපු මුල්ම කාලේ මම පළාත් සභා මැතිවරණය ගැන පාර්ලිමේන්තුවේ කතා කළා. 2/3 දී ලා පළාත් සභා මැතිවරණය පවත්වන්න අපි කැමතියි. පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය දෙකම එකට තිබ්බට කමක් නැහැ."
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.
"ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සමඟි ජන බලවේඟයේ සමඟි ජන සංධානය පමණක් නෙමෙයි පොහොට්ටුව ලාංඡනයෙන් ඉදිරිපත් වුණ මන්ත්‍රීවරුත් තානාපතිවරුන් හමු වුණා. විදෙස් තානාපතිවරු, නියෝජිතයන් හමුවු අවස්ථාවලදී රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධ කරලා රටට ලැබෙන්න තියෙන ආධාර, ණය නවත්වන්න අපි කටයුතු කරලා නැහැ. එහෙම කාලයක් තිබුණා. සූට්කේස‍් පුරෝ ගෙන ජිනීවා ගිහිල්ලා රටට ලැබෙන්න තිබුණ ආධාර නවත්වන්න කටයුතු කරපු කාලයක් තිබුණා. ඔබතුමා ඒක දන්නවනේ. ජනතාවට ඡන්ද අයිතිය ලබා දෙන්න ඕන."
එහිදී තව දුරටත් අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.
"මම කිව්වේ මාධ්‍යවේදියෙක් මාව දැනුවත් කරපු කාරණයක් ගැනයි. මේ සාකච්ඡාව තිබුණ තැන, සහභාගී වුණ අය ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. ඔබතුමන්ල අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. පළාත් සභා මැතිවරණ කල් දමන කොට ඔය ටික කියන්න තිබුණා. එදා බිල්ලො වගේ හිටියා. අද තියෙන්නෙ ආර්ථික අර්බුදයක්. එදා ඔබතුමන්ලා මැතිවරණ කල් දැම්මේ පරදින්න බය නිසයි."
Lanka Newsweek © 2023