ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගතවූ පසු රට පුරා ජනතාව රතිඤ්ඤා පත්තු කළේ ණය මුදලක් ලැබීම නිසා නොවන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එසේ ජනතාව සිය සතුට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව වසරක පමණ කාලයක් තිස්සේ පැවැති බංකොලොත් භාවයෙන් මිදීම නිසා බවද හෙතෙම පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමෙන් ඇති වන ප්‍රධාන වාසිය නම් ණය මුදලක් ලැබීමට වඩා ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදීම බවත් මේ වන විට මෙරට බැංකුවල ණය වර ලිපි විදේශ බැංකු වසින් පිළි ගන්නා තත්ත්වයක් උදා වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
ඒ හරහා මෙරටට ඉන්ධණ, ඖෂධ සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට හැකියාවක් ලැබෙන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Lanka Newsweek © 2023