Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


විපක්ෂය අවශ්‍ය අවස්ථාවල සහය දුන්නා


2023-03-22 8301

 

විපක්ෂය සෑම විටම අවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුවට සහය දක්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"විපක්ෂයේ සිටින අය සහය දුන්නේ නැතැයි ජනපති කිව්වා. 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දුන්නේ නැද්ද..? අපි සහාය නොදුන්නා නම් එම ව්‍යවස්ථාව සම්මත කර ගන්න පුලුවන්ද..? අපි අවශ්‍ය වෙලාවට සහාය දුන්නා. පළාත් පාලන මැතිවරණය පැවැත් විය යුතුයි. අපට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්" යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 

Advertiesment