Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


IMF කොන්දේසි මෙන්න..!


2023-03-22 8174

 

ජාත්‍යන්තර මුළ්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට ලබා දෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ඉදිරි පැය 48 ඇතුළත මෙරට ලැබීමට නියමිතය.

වසර හතරක් පුරා දිව යන මෙම ණය වැඩ සටහන සාර්ථක කර ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සහ කොන්දේසි ශ්‍රී ලංකාව සපුරාලිය යුතු අතර එම නිර්දේශ සහ කොන්දේසි මෙසේය.

(01) 2023 අප්‍රේල් අග වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ඉදිරිපත් කළ  යුතුය.

(02) එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව දූෂණ විරෝධී නීතියක් හඳුන්වා දිය යුතුය.

(03) රජය ඉතා ඉක්මනින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගත යුතුය.

(04) ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් අය කළ යුතුය.

(05) 2025 වන විට දේපොළ බද්ද සහ ධනය හුවමාරු බද්ද හඳුන්වා දිය යුතුය.

(06) 2023 අවසන් වන විට උද්ධමනය 12-18% දක්වා ගෙන ඒමට ඉලක්ක කළ යුතුය.

(07) 2023 ජූනි වන විට දැනට ක්‍රියාත්මක ආනයන-අපනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කළ යුතුය.

(08) වැඩි විනිමය අනුපාත නම්යශීලීභාවයක් පවත්වා ගෙන යා යුතුය.

(09) මහා බැංකුව වඩාත් ස්වාධීන කළ යුතුය.

(10) ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වා දිය යුතුය.

Advertiesment