Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


සෑම පැය හතරකටම වරක් එක් අයකු දිවි නසා ගනී 


2023-03-18 7923

 

ඔබට මැරෙන්න හිතුණොත් මේ අංකයට කතා කරන්න..!

 

සෑම පැය හතරකටම වරක් එක් අයකු බැගින් ශ්‍රී ලාංකිකයින් සිය දිවි හානි කර ගන්නා බව සමීක්ෂණ වාර්තාවලින් හෙළිදරව් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

2022 වර්ෂයේ දී පුද්ගලයන් තුන්දහස් හාරසිය හය දෙනකු සිය දිවි හානි කර ගෙන ඇති අතර ඉන් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි ද එම කාර්යාලය පෙන්වා දෙයි. 

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පුළුල් කතිකාවතක් ආරම්භ කරනවා නම් සිය දිවි හානි කර ගැනීම් අඩු කර ගත හැකි වන අතර  මානසික පීඩාවකින් පෙළෙන්නවුන් උත්තේජනය නොවන අයුරින් කටයුතු කළ යුතු බව ද මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය අවධාරණය කර සිටියි. 

කිසියම් හෝ මානසික පීඩාවකින් පෙළෙන අයකු සිටී නම් 1926 කෙටි දුරකතන අංකය ඇමතීමෙන් හෝ 075 5551926 යන WhatsApp අංකය ඇමතීමෙන් නොමිලයේ උපදෙස් ලබාගත හැකි බව ද මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය වැඩි දුරටත් දැනුම් දෙයි.

Advertiesment