Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් නොකරනු


2023-03-18 7897

 

ප්‍රගති බැංකු සේවකයෝ ජනපතිට ලියති  

 

රජයේ ගිණුම් ලංකා බැංකුව ප්‍රධාන රාජ්‍ය බැංකුවලින් ඉවත් කර ගැනීමට රජය ගෙන ඇති තීන්දුව යුක්ති සහගත නොවන්නේ යැයි දැනුම් දෙමින් ප්‍රගති බැංකු සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටියි.

ඉදිරියේ දී බැංකු ක්ෂේත්‍රයේ කිසිදු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන අතර මේ වන විට අතිශය පරිහානියට පත්ව සිටින ලංකා බැංකු සේවක සංගමයේ අදූරදර්ශී සහ අවස්ථාවාදී ක්‍රියාකලාපය හේතුවෙන් රජයේ ගිණුම් රාජ්‍ය බැංකුවලින් ඉවත් කර ගැනීමෙන් වැලකී සිටින ලෙස ඉල්ලා සිටින බව ද එම ලිපියේ සඳහන් වේ.

ප්‍රගති බැංකු සේවක සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ සහ ලේකම් ඒ කේ බණ්ඩාර යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරුණු පැහැදිලි කරමින් යොමු කර ඇති එම ලිපිය මෙසේය.  

 

Advertiesment