Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


සුරා බදු ආදායම සියයට 12කින් අඩු වෙලා 


2023-03-17 8828

 

නීති විරෝධී මත්පැන් භාවිතය 300%කින් වැඩි වෙලා 

 

2022 වර්ෂයේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම 12.2% කින් අඩු වී ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ නීති විරෝධී මත්පැන් භාවිතය 300% කින් වැඩිවී ඇති බවය. 

සුරා බදු දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2022 වර්ෂයේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම රුපියල් බිලියන 28.6 ක් වූ අතර මෙම වර්ෂයේ මුල් මාස දෙකේදී එම ආදායම රුපියල් බිලියන 25.1 දක්වා අඩුවී තිබෙන අතර මෙම වර්ෂයේ ජනවාරි මස පළමු වැනිදා සිට මත්පැන් මත අය කරන බද්ද 20% කින් ඉහළ නැංවීම නිසා මත්පැන් මිල ඉහළ යෑමෙන් පරිභෝජනය අඩුවී ඇති බවය.

සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා කියා සිටියේ, මේ වර්ෂයේ ජනවාරි මාසයේ සුරා බදු ආදායම 2022 වර්ෂයේ ජනවාරි මාසයට සමානව පැවැතියද, මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේදී බදු ආදායමේ යම් අඩුවීමක් පවතින බවයි.

මෙම වර්ෂයේ දී රුපියල් බිලියන 217ක සුරා බදු ආදායම් ඉලක්කයක් රජය විසින් සුරා බදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත්, එම ඉලක්කය සපුරාලීම ගැටලුවක් වී ඇති නමුත් අදාළ ඉල්ලක්කය සපුරා ගැනීමට උත්සාහා ගන්නා බව ද සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රධාන සුරා බදු නිලධාරීහු පවසති.
 
මේ අතර, සුරා බද්ද රුපියල් දෙදහසකින් අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව සහ මත්පැන් නිෂ්පාදකයින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

Advertiesment