ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ගෝලීය වශයෙන් ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙන බව "Bloomberg" ජාත්‍යන්තර වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
කෙසේ නමුත් 2023 වසර අවසාන වන විට ඩොලරයක් රුපියල් 390 ක් පමණ දක්වා පසු බසිනු ඇතැයි ජාත්‍යන්තර "Fitch Ratings" ආයතනය පුරෝකථනය කර ඇති බවද එම වාර්තාව තව දුරටත් සඳහන් වේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය සහන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බදු බර වැඩි කර සහනාධාර කපා හරිමින් මුදල් ඒකක ග්‍රහණය ලිහිල් කර ඇති නමුත් සිය භාහිර ණය ගෙවීම් ඉදිරි මාස කිහිපය ඇතුළත ආරම්භ කළ පසු විනිමය අනුපාතික දැඩි පීඩනයක් ඇති කරනු ඇති බව ද සදහන් වෙයි.
Lanka Newsweek © 2025