Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


කාන්ත අමාත්‍යාංශය තමා වෙත පවරා ගත් හේතුව ජනපති කියයි


2023-03-08 8011

ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව තමා යටතට පවරා ගත්තේ ශ්‍රී ලාංකික කාන්තාවගේ මෙම බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කරමින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන ගමනේදී මෙරට කාන්තාවන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයෙහි කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට රජය  කැප වී සිටින අතර පාර්ලිමේන්තුවේ පමණක් නොව, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ සියලු ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපතිවරයා කීය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇතැයි ද  එතෙකින් නොනැවතී ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන අතර ඔම්බුඩ්ස්වුමන් වරියක  මෙන්ම වැවිලි හා ඇඟලුම් ආදි ක්ෂේත්‍රයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට කාන්තාවන් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා පැවසීය.

 

Advertiesment