රුපියලට සාපෙක්ෂව ඩොලරයේ මිල රුපියල් 7-8 කින් පහත වැටීමක් මේ සතිය පුරා අඛණ්ඩව වාර්තා වෙමින් ඇත. 2022 මැයි මාසයෙන් පසුව ඩොලරයට සාපෙක්ෂව රුපියල වඩාත්ම ශක්තිමත් අවස්ථාව මේ සතියේ වාර්තා විය. කොළඹ වාණිජ්‍ය බැංකු සිකුරාදා (03) ඩොලරය මිලදී ගත්තේ රුපියල් 334.50 ටත් අඩුවෙනි. මේ සිද්ධිය ඇති වුණේ කෙසේද..?
පසුගිය කාලයේ දී මහ බැංකුව ඩොලරය පහත වට්ටන්නට රුපියල් අච්චු ගැසීම (Actual Money Printing) අවම කිරීම සහ ඩොලරය ශක්තිමත් කිරීමට අවශ්‍ය පදනම ගොඩ නැගීමය. ඒ යාන්ත්‍රණය තේරෙන සිංහලෙන් මෙහෙම කියන්න පුළුවන්.
මහ බැංකුව පළමුව (අන්තර් බැංකු ඩොලර් හුවමාරුව) ඩොලරයට විචලනය විය හැකි සීමාව සියයට එකකට (රුපියල් 3.60 සීමාවක) රදවනු ලැබීය. ඉන් පසුව, කෙටි කාලයකින් එම සීමාව රුපියල් 2.60 සීමාව දක්වා තවත් සීමා කරනු ලැබූවා. ඒ රුපියල කිසිම වටිනාකමක් නැති කඩදාසියක්වීම වළක්වා ගෙන රැක ගැනීමටයි. මේ උපක්‍රමය සාර්ථක වී රුපියල කඩා වැටීම නැවතී තිබේ.
1. වානිජ්‍ය බැංකු වෙත ලැබෙන සෑම ඩොලර් 100 කින් 25% ක් අනිවාර්යෙන්ම මහ බැංකුවට ලබා ගැනීම අනිවාර්ය කර තිබුණි. (Surrender Requirement 25%) ඒ සීමාව 15% දක්වා පහත දැම්මා.
2. රජය සහ මහ බැංකුව නීති විරෝධී විදේශ මුදල් හුවමාරුව (උණ්ඩියල් සහ ඕපන් එකවුන්ට් වැනි) අධෛර්යට පත් කර විදේශ මුදල් බැංකු හරහා ගෙන්වා ගැනීමට මේ වන විට සමත්වී තිබේ. (ජනවාරි මාසයේ 68% ක වැඩිවීමකි)
3. Commercial, Sampath සහ Nation Trust යන බැංකු තුනට ඩොලර් මිලියන 400 ක ණය පහසුකමක් අනුමත වි තිබේ. තවමත් එම ඩොලර් ලැබී නැතත්, ඩොලර් සැපයීම ඉහළ දැමීමට එම තත්ත්වය හේතුවක් වී ඇත.
මාස හයකට වැඩි ආයස කර මැදිහත්වීමක ප්‍රතිඑලය ලෙස මෙරට වානිජ්‍ය බැංකු පද්ධතියට ලැබෙන ඩොලර් ප්‍රමාණය වැඩි වී ඇත. අක්‍රීයව තිබූ විදේශ විනිමය වෙළෙඳ පොළ (Spot Market) සක්‍රීය වී ඇත.
අන්තර් බැංකු අතර දිනක් ඇතුළත ඩොලරයට විචලනය විය හැකි සීමාව රුපියල් 5 දක්වා වැඩි කළා. 2023 මාර්තු 2 වැනිදා වන විට එම මුදල් රුපියල් 7.50 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. 2023.03.03 දිනයේ දී රුපියල් 8 දක්වා ඩොලරයේ රුපියල් වටිනාකම පහත වැටීමට හේතු වූයේ රජය සහ මහ බැංකුව ගත් ක්‍රියාමාර්ගය නිසාය.
ඒ අනුව 2023 මාර්තු 03 දහවල් 12.00 වන විට වානිජ්‍ය බැංකු ඩොලර් මිල දී ගන්නේ රුපියල් 334.50 බැගිනි. ඒ අනුව මේ වන විට ඩොලරයේ මිල තව දුරටත් පහත වැටීමට මිස ඉහළ යාමට ඉඩක් නොමැති තැනකට පත්වී ඇති බව තහවුරුය.
මිල පහත වැටෙන ඩොලර් පසුගිය සඳුදා සිට මහ බැංකුව විසින් මිලදී ගැනීම ඇරඹී ඇත. මහ බැංකුව විසින් තම රුපියල් බැංකු පද්ධතියට එක් කරමින් සිටී. එහි අනිවාර්ය තාර්කික ප්‍රතිඑලය වන්නේ පොලී අනුපාතික පහත වැටීම ඇරඹීම ය.
ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම සහ ආර්ථිකය ප්‍රකෘත්තිමත්වීම (Economic Recovery) වැදගත් සන්ධිස්ථානයකි. සංචාරයකින්ගේ පැමිණීම සහ විදේශ ප්‍රේෂණ ඉහළයාම ඔස්සේ ලැබී ඇති බලාපොරොත්තුවේ කූට ප්‍රාප්තිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනට ගිවිසුම් අත්සන් කිරීම වන්නේය.
Lanka Newsweek © 2023