Wednesday 6th of December 2023

English Tamil
Advertiesment


විදේශ සංචිතය සියයට 23කින් වර්ධනය වෙලා 


2023-03-03 8077

 

සංචාරක පැමිණීම 261%කින් වැඩි වෙලා  

 

රට-ජනතාව වෙනුවෙන් රජය ගනිමින් සිටින යහපත් ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් රුපියල ශක්තිමත් වෙමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රටේ ඇති දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වතාවරණයද ඊට බලපා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 1.7ක් වූ රටේ නිල විදේශ විනිමය සංචිත ප්‍රමාණය 2023 පෙබරවාරි මාසයේ මුල් සතිය වන විට 23.5%ක වර්ධනයක් අත්පත් කර ගනිමින් බිලියන 2.1ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද හෙතෙම පෙන්වා දෙයි. 

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී 29,802ක් ලෙස පැවැති සංචාරක පැමිණීම 261%ක වර්ධනයක් පෙන්වමින් 2023 පෙබරවාරි වන වට 107,639ක් ලෙස සටහන්ව තිබෙන අතර ගැඹුරු අගාධයක පැවැති මෙරට ආර්ථිකය සුබවාදී අනාගතයක් කරා ගමන් කරමින් ඇති බව මෙම සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වන බවද රංජිත් සියඹලාපිටිය මහතා වැඩි දුරටත් පැවසීය.

Advertiesment