Monday 3rd of October 2022

English Tamil
Advertiesment


IMF ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු 


2022-09-22 5704

 

ජාත්‍යන්තර මුලය අරමුදල සමග ඇති කර ගෙන තිබෙන එකඟතා ගිවිසුම වහාම පර්ලිමෙන්ම්තුවට ඉදිරිපත් කළ යුතු යැයි ද, එසේ නොවන්නේ නම් විපක්ෂය ඊට කිසිදු සහයෝගයක් ලබා දෙන්නේ නැතැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය .

ජාත්‍යන්තර මුලය අරමුදල සමග ඇති එකගතා පර්ලිමෙතුවට ලබා දෙන්න .රජය කිව්වට ගිවිසුමක් නැ කියලා අලි සබ්‍රි මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට කිව්වා ගිවිසුමක් තියනවා කියලා. ගිවිසුමේ තොරතුරු පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නැත්නම් අපේ සහයෝගය බලාපොරොත්තු වෙන්න එපා.

ගරු කථානායකතුමනි, පසුගිය සතියේ මම ඉල්ලීමක් කෙරුවා රජයත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් අතර ඇති කර ගෙන ඇති    එකඟතාවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.මොකද අපි විවාදයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තොරතුරු නැතිව අපිට විවාදයක් කරන්න බැ.රජය කිව්වට ගිවිසුමක් නැ කියලා අලි සබ්‍රි මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයට කිව්වා ගිවිසුමක් තියනවා කියලා. එතකොට ණය කාරයෝන්ටත් ගිවිසුමක් ලබා දීලා තියනවා. ඔබතුමා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න. මොකද පාර්ලිමේන්තුවටයි මුදල් බලය තියෙන්නේ.පසුගිය කාලයේ ඔබතුමා දකින්න ඇති මේ නිලධාරින් සංවේදී කාරණා කිය කියා මේ සියල්ල හන්ගන්නයි හදන්නේ. 2019 විදේශ විනිමය ඩොලර් මිලියන 7900ක් තිබ්බා.ඒක ඩොලර් මිලියන 20ට බැස්සා. පාර්ලිමේන්තුවේ අපි දන්නෙත් නැ.සංවේදී කිය කියා රහස්‍ය භාවය කිය කියා මේ ගිවිසුම හන්ගන්නයි හදන්නේ. මම පැහැදිලිව කියනවා අපිට පෙන්වන්නේ නැතිව ගිවිසුමක් අත්සන් කළාට අපි ඒක පිළිගන්නේ නැ.මොකද ගිවිසුම අපට පෙන්වලා අපේ ආශිර්වාදය ඇතිව වැඩ කටයතු කළොත් රටට හොදයි.ඒ නිසා මේ ගිවිසුම ලබා දෙන්න.

ගරු කථානායකතුමනි, ඔබතුමා ජනාධිපතිතුමන්ට කතා කෙරුවද.? මොකද එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටියදි එතුමා මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ලබා දෙන්න කියලා එදා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.ඒ වගේම සර්ව පාක්ෂික සමුළුවේදී ගිවිසුම ඉල්ලුවම බැසිල් රාජපක්ෂ මහතා එදා දෙන්න බැ කිව්වම එදා වත්මන් ජනාධිපතිතුමා කිව්වා මට නෙවේ පාර්ලිමේන්තුවට ලබා දෙන්න කියලා. ව්‍යවස්ථාව අනුව මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට .ඇත්ත වශයෙන්ම කථානායකතුමා කාගෙන්වත් අහන්න ඕනේ නැ.නමුත් එතුමාට ගරු කිරීමක් වශයෙන් ඇහුවට කමක් නැ.ඔබතුමා පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න .මොකද ඔබතුමා කියනවා නම් ජනාධිපතිතුමාගෙන් අහලා කියන්නම් කියලා ඒක පාර්ලිමේන්තුවට කරන අපහාසයක් .මොකද මුදල් බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට .

ගරු කථානායකතුමනි, ඔබ තුමා කවදාද අපිට මේ තොරතුරු ලබා දෙන්නේ..?හෙට දැනුම් දෙනවද..? ඔබතුමන්ලා මේ ගිවිසුම රටට හන්ගනවා නම් අපි මේක රටට කියනවා. මොකද රටේ ජනතාව අහනවා තවත් බදු බර වැඩිවෙනවාද..? විදුලි බිල 25% වැඩි වෙනවා කියනවා. ඇත්ත වශයෙන්ම මේවා ජනතාවට දරා ගන්න බැ.ගරු කථානායකතුමනි කවදාද මේ තොරතුරු අපිට ලබා දෙන්නේ..? ඔබතුමාගේ රාජකාරිය ඔබතුමා පැහැර හරිනවා.අපිට ගිවිසුමේ තොරතුරු ලබා දෙන්නේ නැතිව මේ කටයුතු කරනවා නම් අපේ සහයෝගය බලාපොරුත්තු වෙන්නත් එපා. සම්පුර්ණ වගකීමත් ඔබතුමන්ලාම ගන්න .
 

Advertiesment