Monday 3rd of October 2022

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවේ අර්බුදය ඇමරිකානු ඇසින් 


2022-09-16 3721

 

ආර්ථික-දේශපාලන අර්බුදයට හිටපු ජනපති ප්‍රධාන රජය වග කිව යුතුයි 

 

රට විකුණා චීනයෙන් බිලියන ගණන් ණයට ගත්තා 

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය සම්පත් අඩු විනිවිදභාවයකින් යුතුව අවභාවිතය කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාවක සඳහන් වේ. 

හිටපු ජනාධිපතිවරයා ප්‍රධාන රජය, රටේ වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ අතර ආර්ථික වශයෙන් සාර්ථක නොවන මහා පරිමාණ ව්‍යාපෘති සඳහා චීනයෙන් බිලියන ගණනක් ණයට ගත් බව ද එම යෝජනාව මගින් චෝදනා කර තිබේ. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති සෙනෙට් සභික බොබ් මෙනෙන්ඩෙස් ප්‍රධාන එම සභාවේ සභිකයින් වන ඩික් ඩර් බින්, පැට්‍රික් ලීහී සහ කෝරි බුකර් ශ්‍රී යන මහත්වරුන්ය.

පැවැති රජයේ දුර්වවල පාලනය සහ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධ අභියෝග ඇතුළුව ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථක අර්බුදය විසඳීම සඳහා පුළුල් ජාත්‍යන්තර ප්‍රවේශයක් අවශ්‍ය කරන බව මෙම යෝජනාව මගින් යෝජනා කර තිබේ.

ආර්ථික වර්ධනය ඔස්සේ දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් මගින් ප්‍රදානය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක මූල්‍ය සහාය 2020 වසරේදී ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ බව ද එම යෝජානාවේ දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ශ්‍රී ලංකා රජය සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කර ගෙන සිටින එම යෝජනාවලියේ සඳහන් වන අතර ශ්‍රී ලංකාවේ සියලු ජනතාව වෙනුවෙන් විසඳුම් සෙවීමට විපක්ෂය සමඟ එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව ද දැක්වේ.

එසේම සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළුව ශ්‍රී ලාංකිකයන්ගේ නිත්‍යානුකුල අයිතීන්ට ආරක්ෂක අංශ ගරු කළ යුතු බව පෙන්වා දෙන එම යෝජනාවලිය, ශ්‍රී ලංකවේ ආර්ථිකයට බලපාන වංචා සහ දුෂණ ඇතිවීමට ඉඩකඩ ඇති අවස්ථා විසඳීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශංසා කරන බව දැක්වේ.

එසේම ජාත්‍යන්තර සංවර් ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතය හෙවත් යූ.එස්.ඒඩ්. සංවිධානය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳවද ප්‍රශංසා කරන බව ඇතුළු තවත් කරුණු රාශියක් මෙම යෝජනාවේ ඇතුළත් වේ.

 

Advertiesment