Monday 3rd of October 2022

English Tamil
Advertiesment


මිනිසාගේ පැවැත්ම රඳා පවතිනුයේ පස මතයි 


2022-09-15 1168

 

පාංශු සම්පත ගැන ඔබ මේ කරුණු දැන සිටියාද..?

 

රට වනසන්නේ විද්‍යාත්මක දැනුමින් තොර දේශපාලකයින්ය 

 

 

(දේශප්‍රිය නානායක්කාර) 

 

පස මිනිස් සෞඛ්‍යයට විවිධ ආකාරවලින් බලපෑම් කරන අතර මිනිස් සෞඛ්‍යය පසෙහි සෞඛ්‍යයට සම්බන්ධය යනු සෑම අංශයකින්ම විද්‍යාත්මකය. පස යනු කිනම් ජාතියක වුවත් මිනිස් ජීවිතවල මහා පිරිබැඳුම නොහොත් සැබැඳියාවයී. එමෙන්ම සියල්ලේ මූලාශ්‍රය සහ ගමනාන්තයයි. ඒ පස සුව කරන්නා ද, පුනරුත්ථාපනය කරන්නාද වේ. 

ප්‍රීතිමත්ව සහ යහපත් සෞඛ්‍යයයෙන් යුතුව, බිළිඳු සහ ළමා වයස පසු කරමින් නව යෞවනයට ද, යෞවනයයේ සිට වැඩිහිටි සහ වෘද්ධ ජීවිතයේ අවසන සුන්දර මරණයේ ජෛව චාරීකාව දක්වා මිනිසාට ජීව ගුණය  සපයනුයේ ද පසයි. පාංශු සම්පත  නිසි සැලකිල්ලකින් තොරව නඩත්තු නොකර අපට සමාජයක් තිබිය නොහැක. ඒ මන්ද පාංශු සම්පතේ ගුණාත්මක වටිනාකම් පිළිබඳව සැලකිල්ලකින් තොරව සමස්ත ජෛව පද්ධතියටම තිරසර ජීවිතයක් නොමැති නිසයි. 

පාංශු සම්පත් යනු ජීවයට සහයෝගය දක්වන කාබනික ද්‍රව්‍ය, ඛනිජ, වායූන්, ද්‍රව සහ ජීවීන්ගේ මිශ්‍රණයකි. නිරෝගී පසක් ග්‍රහලෝකයේ සමස්ත ජෛව පද්ධතියේ අත්තිවාරම ‍යනු නිවැරැදිය. නිරෝගී පසක් ශාක, සතුන් සහ මිනිසුන් පෝෂණය කරන අත්‍යවශ්‍ය ජීව පරිසර පද්ධතියක් ලෙස ක්‍රියා කිරීමේ අඛණ්ඩ හැකියාව සහතික කරයි. 

පස අපගේ පරිසර පද්ධතිවල ක්‍රියාවලිය සඳහා ද අත්‍යවශ්‍ය වන අතර, කාබන් චක්‍රයේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරන අතරම ජලය ගබඩා කිරීම සහ පෙරීම සේම ගංවතුර සහ නියඟයන්ට ඔරොත්තු දීමේ හැකියාව ද වැඩි දියුණු කරනු ලබයි. එමෙන්ම පෘථිවි කබොලෙහි සහ පාෂාණවල භූගත ජල ව්‍යාප්තිය සහ චලනය සම්බන්ධවද පසේ සක්‍රියත්වය තීරණාත්මකය. 

පස මිනිස් සෞඛ්‍යයට විවිධ ආකාරවලින් වැදගත් වේ. ලොව පුරා ඒක පුද්ගල කැලරි පරිභෝජනයෙන් ආසන්න වශයෙන් 78%ක් පැමිණෙන්නේ පසෙහි සෘජුවම වගා කරන භෝගවලින් වන අතර තවත් 20%කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙන්නේ පස මත වක්‍රව යැපෙන භෞමික ආහාර ප්‍රභවයන් මගිනි යනු විද්‍යාත්මකය. 

මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය යැයි සැලකෙන මූලද්‍රව්‍ය 29න් 18ක් ශාක සඳහා අත්‍යවශ්‍ය හෝ ප්‍රයෝජනවත් වන අතර ඒවා පසෙන් ලබා ගන්නා අතර අනෙකුත් මූලද්‍රව්‍ය බොහොමයක් පසෙන් ශාක මගින් ලබා ගත හැකිය. ඓතිහාසික වශයෙන්, විෂ ද්‍රව්‍ය සහ ව්‍යාධිජනක ජීවීන්ට නිරාවරණය වීම හෝ පෝෂක ඌනතාවයෙන් යුත් පසෙහි බෝග වගා කිරීමෙන් ඇති වන ගැටලු ඇතුළුව පස මානව සෞඛ්‍යයට ඇති කරන අහිත කර බලපෑම් කෙරෙහි අවධාරණය කර ඇත. පස යනු අසංඛ්‍යාත අන්තර් සම්බන්ධිත කොටස්වලින් සමන්විත පරිසර පද්ධතියක් බව වැඩි වැඩියෙන් හඳුනා ගෙන ඇති අතර, ඒ සෑම එකක්ම අනෙකට බලපාන අතර අවශ්‍ය සියලුම කොටස් පවතින විට සහ ක්‍රියාත්මක වන විට (එනම් පස සෞඛ්‍ය සම්පන්න නම්) මිනිස් සෞඛ්‍යට ද විසල් ප්‍රතිලාභ ලැබේ.

දරිද්‍රතාවය පිටු දැකීම සහ තිරසර  සංවර්ධනය සඳහා පාංශු සෞඛ්‍යය ඉටු කරන තීරණාත්මක කාර්ය භාරය පිළිබඳව සිවිල් සමාජය සහ තීරණ ගන්නන් දැනුවත් කිරීම සඳහා 68 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 2015 ජාත්‍යන්තර පාංශු වසර ලෙස ප්‍රකාශයට පත් කළේ, අවාසනාවකට වගේ අපගේ ගෝලීය පාංශු සම්පත්වලින් සියයට 33 ක් ක්ෂය වෙමින් පවතින අතර පස මත මානව පීඩනය තීරණාත්මක සීමාවන් කරා ළඟා වෙමින් සිටිනා අවස්ථාවකය.

අද්‍යතනව ගෝලීය මානව පවුලේ සාමාජිකයන් මිලියන 805කට වැඩි ජනතාවක් සාගින්නෙන් සහ මන්දපෝෂණයෙන් පෙළෙන බව නොයෙකුත් වාර්තාවන්හී ලියවී ඇත. ජන ගහන වර්ධනයට  සාපේක්ෂව ආහාර නිෂ්පාදනයේ ප්‍රමාණය ආසන්න වශයෙන් සියයට 60 ක වැඩිවීමක් අවශ්‍ය වනු ඇති බව විද්‍යාත්මකව ආගුණිතය වී ඇත. 

1948 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මානව සෞඛ්‍යය යන්නෙහි නිර්වචනය අනුවර්තනය කළේ, "රෝග හෝ දුබලතා නොමැතිකම පමණක් නොව සම්පූර්ණ ශාරීරික, මානසික සහ සමාජීය යහ පැවැත්මේ තත්ත්වයක්" ලෙසිනි. පස පිළිබඳ විද්‍යාත්මක විග්‍රහයන් රචනය මීට වඩා ගැඹුරුය.

ශ්‍රී ලාංකේය අපට සහ අප විසින් තෝරා පත් කරගන්නා මහ ජන නියෝජිතයන්ට පස පිළිබඳව ප්‍රමාණාත්මක විද්‍යාත්මක දැනුමක් තිබේද..? විද්‍යා තක්ෂණික දැනුමෙන් තොර මහජන නියෝජනය සහ  ‍රාජ්‍යකරණය අනිවාර්යයෙන්ම රටක් විනාශය කරා ගෙන යනු ඇත. විසඳුම වනුයේ පොදු ලෞකික යහපත පිළිබඳවත් රට වැසියන්ගේ ජීවිතයෙන්මො හොතක් විද්‍යාත්මකව අභ්‍යාස කිරිමයි.

Advertiesment