Monday 3rd of October 2022

English Tamil
Advertiesment


රටක දියුණුවේ අත්තිවාරම ජනමාධ්‍ය සාක්ෂරතාවයයි 


2022-08-19 1979

 

(දේශප්‍රිය නානායක්කාර)

 

2005 ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රකාශය (The Alexandria Proclamation of 2005) මගින් තොරතුරු සාක්ෂරතාව මානව හිමිකම් නිර්යාණයක් (Human Rights Issue) ලෙස නිර්වචනය කර ඇත. ජන මාධ්‍ය අපේ ඔළුවේ ඇති පින්තූරවල මූලාශ්‍රයන්ය. ජන මාධ්‍යය ජාතික සංවර්ධනට තීරණාත්මකය. As Walter Lippmann noted, the mass media are the sources of the "pictures in our heads"

ඩිජිටල් ජීවිතයේ විභව අනාගතය යනු තොරතුරු යුගයේදී (Information Age) ජනයාට විවේචනාත්මකව සිතීමට සහ ඥානවන්තව කටයුතු කිරීමට නිවැරදි දැක්මක් ඇතිව ජනමාධ්‍ය නියාමනය කිරිමය. ඩිජිටල් සහ තොරතුරු යුගයේ බහුවිධ අංශ සියල්ල අනාගතවාදී, ගුණාත්මක සහ විද්‍යාත්මක නියාමනයෙන් ක්‍රියාත්මක කිරිම ඉතාමත් තීරණාත්මකය.

ඕනෑම ජාතියක අනාගතය සන්නිවේදන මාධ්‍ය කලාව මත රැඳි ඇත යනු විද්‍යාත්මකය. ඒ සඳහා ජනමාධ්‍ය සාක්ෂරතාව (Media literacy) තීරණාත්මකය. ජනමාධ්‍ය සාක්ෂරතාව යනු ජනමාධ්‍ය පණිවිඩ නොහොත් විවිධාකාරයෙන් වු තොරතුරු වෙත ප්‍රවේශ වීමට සහ විශ්ලේෂණය කිරීමට සේම තොරතුරු සහ සන්නිවේදනයේ බලය යොදා ගනිමින් තමන් ජීවත් වන ජන සමාජය, එසේ නැත හොත් ලෝකයේ වෙනසක් ඇති කිරීමට, නිර්මාණය කිරීමට, පිළිබිඹු කිරීමට සහ ක්‍රියා කිරීමට ඇති හැකියාව ඇතුළත් සාක්ෂරතාව පිළිබඳ පුළුල් සංකල්පීයකරණයකි. 

සැබැවින්ම ඕනෑම රටක තිරසර දියුණුවට ජනමාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනය (Media Literacy Education) අතීශය වැදගත් යනු අවිවාදිතය. ජනමාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනයේ පරමාර්ථය වන්නේ සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට විවේචනාත්මක චින්තකයින්, ඵලදායි සන්නිවේදකයින් සහ ක්‍රියාශීලී පුරවැසියන් වීමට අවශ්‍ය විමර්ශන පුරුදු සහ ප්‍රකාශන කුසලතා වර්ධනය කර ගැනීමට උපකාර කිරීමයි. 

ජනමාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යාපනය මුල් ළමා වියේදීම ආරම්භ කළ යුතුය. ඒ මක්නිසාද යත්, ජනමාධ්‍ය සාක්ෂරතාව හේතුවෙන් දියුණු ජන සමාජයක් රැවටීමට දුෂ්කර වන අතරම දියුණු ජනමාධ්‍ය සාක්ෂරතාවය මගින් විවේචනාත්මක චින්තනය සහ ස්වයං ප්‍රකාශනය දිරිමත් කරන අතර, පුරවැසියන්ට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තීරණාත්මක ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දියුණු නිවැරදි තොරතුරු සපයන හෙයිනි .

අනෙක් අතට විවේචනාත්මක සාක්ෂරතාවද (Critical literacy) මාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනයේදී තීරණාත්මකය.ඒ මක්නිසාද යත්, නොයෙක් ජනමාධ්‍යන් හී අන්තර්ගත‍යේ උචිතානුචිත බව නොහොත් විභේදනය සහ ප්‍රවිචාරණය අවබෝධ කර ගැනීමේ හැකියාව ඕනෑම ජන සමාජයක යහ පැවැත්මට විසල් බලපෑමක් වන හෙයිනී. 

අද්‍යතන මානව සංහතියේ අති බහුතරයක් අංක සමග සම්බන්ධ වි ඇති හෙයින් සංඛ්‍යාංක අවබොධය නොහොත් ඩිජිටල් සාක්ෂරතාවද (Digital literacy) අත්‍යාවශ්‍යව ඇත. ඩිජිටල් සාක්ෂරතාවය යනු විවිධ සංඛ්‍යාංක (ඩිජිටල්) වේදිකාවල "Type" කිරීම (යතුරු ලියනය) සහ වෙනත් ජනමාධ්‍ය හරහා තොරතුරු සෙවීමට, ඇගයීමට සහ සන්නිවේදනය කිරීමට පුද්ගලයෙකුට ඇති හැකියාවයි. එම හැකියාව පුද්ගලයෙකුගේ ව්‍යාකරණ, සංයුතිය, Type කිරීමේ කුසලතා (Typing Skills) සහ තක්ෂණය භාවිතයෙන් පෙළ, රූප, ශ්‍රව්‍ය සහ මෝස්තර නිෂ්පාදනය කිරීමේ හැකියාව මගින් ඇගයීමට ලක්ව ඇත.

එක්සත් ජනපදයේ ජනමාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනය සඳහා The Journal of Media Literacy Education සඟරාව විසල් මෙහෙයක් කරමින් ඇත. ඇමරිකානු පුස්තකාල සංගමයේ විශාලතම අංශය වන විද්‍යාල සහ පර්යේෂණ පුස්තකාල සංගමය (ACRL) තොරතුරු සාක්ෂරතාවය අර්ථ දක්වන්නේ, "තොරතුරු සොයා ගැනීම, තොරතුරු නිපදවන ආකාරය සහ අගය කරන ආකාරය පිළිබඳ අවබෝධය, නව දැනුම නිර්මාණය කිරීමේදී සහ සදාචාරාත්මකව ඉගෙනීමේදී ප්‍රජාවන්ට සදාචාරාත්මකව සහභාගී වීමට තොරතුරු භාවිතා කිරීම" යනුවෙනි. 

2005 නොවැම්බර් 9 වන දින ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිබිලියෝතේකා ඇලෙක්සැන්ඩ්‍රියා (Bibliotheca Alexandrina) පුස්තකාල පරිශ්‍රයේහි දී සම්මත කරන ලද 2005 ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රකාශය (The Alexandria Proclamation of 2005) මගින් තොරතුරු සාක්ෂරතාව මානව හිමිකම් නිර්යාණයක් (Human Rights Issue) ලෙස නිර්වචනය කර ඇත. 

එක්සත් ජනපදයේ 6-12 ශ්‍රේණිවල සිසු සිසුවියන්ට 2008 දී ආරම්භ කරන ලද ප්‍රවෘත්ති සාක්ෂරතා (News Literacy) ව්‍යාපෘතිය මුලීක වශයෙන් අවධානය යොමු කළේ ඩිජිටල් යුගයේ ප්‍රබන්ධවලින් කරුණු වර්ග කිරීම සඳහම් සිසුන්ට ඉගෙන ගැනීමට උපකාර කිරීම කෙරෙහි ය.

රූපවාහිනී සාක්ෂරතාව යනු (Television literacy) ජනමාධ්‍ය සාක්ෂරතාව සහ විවේචනාත්මක දෘශ්‍ය සාක්ෂරතාව (Critical Visual literacy) පිළිබඳ පූර්වාදර්ශ සංකල්පයක් ලෙස අර්ථ ගැන්වී ඇත. රූපවාහිනිය නැරඹීමේ පරිභෝජන හැසිරීම සම්බන්ධයෙන්, කාලසීමාව සහ අධිකතාවය (Intensity) පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ දෙමාපියන්ගේ ද, ගුරුවරුන්ගේ ද සංගම් සහ ළමා රෝග විශේෂඥයින් ද විසින් තීව්‍ර අවධානය යොමු කරමින් ජනමාධ්‍ය නියාමනය පිළිබඳව ක්‍රියාත්මකව ඇත.

මහාචාර්ය ඩේවිඩ් ඩෙනිස් බකිංහැම් (David Dennis Buckingham) රූපවාහිනී සාක්ෂරතාවයේ (Television literacy) වර්ධනය (කතා කිරීම, පෙළ සහ සන්දර්භයේ වටිනාකම් පිළිබඳව) උසස් තත්ත්වයට නියාමනය කිරිම සඳහා ශාස්ත්‍රීය සේවාවක නිරතය.

උතුරු ඇමරිකාවේ, අධ්‍යාපනයේ මාතෘකාවක් ලෙස ජනමාධ්‍ය සාක්ෂරතාව සඳහා විධිමත් ප්‍රවේශයක ආරම්භය 1978 දී ආරම්භ වී ඇත. කැනඩාව පාසල් විෂය මාලාවට ජනමාධ්‍ය සාක්ෂරතා විෂය ඇතුළත් කළ උතුරු ඇමරිකානු පළමු රාජ්‍ය වේ. යුරෝපයයේ පුළුල් අයුරින් ජනමාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනය දියුණු කිරීමේ ප්‍රමුඛයා ලෙස එක්සත් රාජධානිය සැලකේ. 

එක්සත් ‍රාජධානියේ ජනමාධ්‍ය සාක්ෂරතා සංවර්ධනයට සම්බන්ධ වී ඇති ප්‍රධාන ආයතන අතරට බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය ද, ඉංග්‍රීසි සහ මාධ්‍ය මධ්‍යස්ථානය ද, චිත්‍රපට අධ්‍යාපන මධ්‍යස්ථානය ද, ලන්ඩනයේ අධ්‍යාපන ආයතනයේ ළමා, තරුණ සහ මාධ්‍ය අධ්‍යයන මධ්‍යස්ථානය ද, DARE මධ්‍යස්ථානය ඇතුළත් වේ. එක්සත් ‍රාජධානියේ ජනමාධ්‍ය භාවිතාව අනාගතය වෙනුවෙන් තිරසරව මෙහෙය වීම සිදු වනුයේ 2003 සන්නිවේදන පනතට (Communications Act 2003) අනුවය.

ස්කැන්ඩිනේවියානු ජනමාධ්‍ය අධ්‍යාපනය 1970 දී ෆින්ලන්ත ප්‍රාථමික විෂය මාලාවට සහ 1977 දී උසස් පාසල්වලට හඳුන්වා දෙන ලදී. Lycée franco-finlandais d'Helsinki හි නිර්මාණය කරන ලද සංකල්ප 2016 දී රට පුරා සම්මත බවට පත් විය. ඊටත් අමතරව ස්විඩනය 1980 සිටද ඩෙන්මාර්කය 1970 සිටද මාධ්‍ය අධ්‍යාපනය අනිවාර්ය කර ඇත.

ජර්මනිය 1970 සහ 1980 ආරම්භයේදීම ජනමාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ න්‍යායික ප්‍රකාශන දර්ශනය කර ගත් අතර, 80 සහ 90 ගණන්වල දී අධ්‍යාපන ක්‍රමය ඇතුළත සහ ඉන් පිටත ජනමාධ්‍ය අධ්‍යාපනය සඳහා වැඩි අවධානයකින් සහ උනන්දුවකින්
කටයුතු කර ඇත.

නෙදර්ලන්තයේ මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ අවධානය 2006 දී Mediawijsheid Expertisecentrum-Medialiteracy Expertisecenter ස්ථාපිත කරමින් ආරම්භ විය යනු නිවැරැදිය. රුසියාව,1970-1990 ගණන්වල දී චිත්‍රපට සහ මාධ්‍ය අධ්‍යාපනයේ පළමු නිල වැඩ සටහන් ආරම්භ කර ඇත. රුසියානු මාධ්‍ය අධ්‍යාපන ශාස්ත්‍රීය සඟරාව 2005දී ආරම්භ විය. 

මොන්ටිනිග්‍රෝව (Montenegro) 2009 දී ඔවුන්ගේ විෂය මාලාවලට ජනමාධ්‍ය අධ්‍යාපනය හඳුන්වා දුන් ලෝකයේ රටවල් කිහිපයෙන් එකක් බවට පත්විය. යුක්රේනයේ, ජනමාධ්‍ය අධ්‍යාපන සංවර්ධනයේ සහ ප්‍රමිතිකරණයේ දෙවන අදියර (2017-2020) ක්‍රියාත්මක විය. ආසියාවේ ජනමාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනය තවමත් එක්සත් ජනපදයට හෝ බටහිර රටවලට සාපේක්ෂව දියුණු වී නොමැත. 

එනමුත් 1990 ගණන්වල සිට නැගෙනහිර ආසියාවේ ජනමාධ්‍ය සාක්ෂරතාව දෙසට අවධානය යොමු වි ඇති බව දර්ශනයවේ. චීනයේ බීජිං හි ගුරුවරුන් ප්‍රාථමික පාසල්වල ජනමාධ්‍ය සාක්ෂරතා අධ්‍යාපනයේ වැදගත්කම හඳුනා ගනිමින් සිටින්නේ අධ්‍යාපනයේ ජනමාධ්‍ය සාක්ෂරතාවයේ අවශ්‍යතාවය පිළිබඳ ඔවුන්ගේම සැලකිල්ල මත ය.

ඉන්දියාවේ, සයිබර්මොහල්ලා (Cybermohalla) වැඩ සටහන 2001 දී ආරම්භ කරන ලද්දේ තරුණ තරුණියන්ට තාක්‍ෂණයට ප්‍රවේශය ලබා දීමේ අරමුණ ඇතිවය. සිංගප්පූරුවේ, ජනමාධ්‍ය සංවර්ධන අධිකාරිය Media Development Authority (MDA) ජනමාධ්‍ය සාක්ෂරතාව පිළිබඳව ක්‍රියාත්මකය. 2017 සිට තායිවානයේ බාලංශයේදීම ජනමාධ්‍ය සාක්ෂරතාව පිළිබඳව අධ්‍යනය ආරම්භ කර ඇත.ඉරානයේ නස්රා (Nasra) ව්‍යාපෘතිය සියලුම දරුවන්ගේ, තරුණයින්ගේ සහ වැඩිහිටියන්ගේ ඩිජිටල් ඉගෙනුම් අවශ්‍යතා සපුරාලීම අරමුණු ඇතිව ක්‍රියාත්මකය.

ලෝකයේ බෝහෝ රටවල් ජනමාධ්‍යකරණය විද්‍යාත්මකව දියුණු කිරිම සහ සංවිධානාත්මකව නියාමනය කිරිම ජාතික අවශ්‍යතාවයක් වශයෙන් හඳුනා ගැනිමට කටයුතු කර ඒ සඳහා අවශ්‍ය නෛතික උපකරණ හඳුන්වාදී ඇත යනු නිවැරැදිය. ශ්‍රී ලාංකේය ජනමාධ්‍යකරණයයේ සිරිත්, විරිත් චාරිත්‍ර සහ අන්තර්ගතයන් අභ්‍යාස වනුයේ උක්ත මාධ්‍ය ආයතන සඳහා ධන ආයෝජනය කර ඇති පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුවය යනු නිවැරැදිද..?

ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම, මානව වර්ගයා තම පෙර පරම්පරාවේ බලපෑමට ගොදුරුවී පසුව විවිධාකාර නව්‍ය සිතුම් පැතුම් හේතුවෙන් අනාගතය වෙත සුදානම් වී ඇත. අනාගතයට සුදානම් වීම සඳහා විද්‍යා තක්ෂණික චින්තනය, ගෝලීය භාෂා ප්‍රවීණත්වය සහ විද්‍යා ශාස්ත්‍රීයව නියාමනය වු  ජනමාධ්‍යකරණය තීරණාත්මකය.

ශාස්ත්‍රීය  ජන මාධ්‍ය භාවිතාව විශ්ව කේන්ද්‍රිය පුරවැසියන් ගොඩනැගිමේ අත්තිවාරමකී.(Cosmopolitanism is the idea that all human beings are members of a single community.) තොරතුරු යුගයේදි ජනමාධ්‍ය සාක්ෂරතාව (Media literacy) යනු තීරණාත්මක සාක්ෂරතාවයකි.

සුවිපුල්, ගුණවත්, උසස් ප්‍රාජාතාන්ත්‍රීය ජීවන කුසලතා (Democratic life Skills) සපිරි සෞඛ්‍ය සම්පන්න පොහොසත් ජන සමාජයක් ගොඩනැගීමේදී ජනමාධ්‍ය විශාල කාර්ය භාරයක් ඉටු කළ යුතුය. ජනමාධ්‍ය සාධනීය සහ නිර්‍මාණාත්මක කාර්යභාරයක් ඉටු කරන්නේ නම් සමාජයට ඉතා වේගයෙන් දියුණු වී ඉදිරියට යා හැකිය.

ඒ මක් නිසාද යත් අද්‍යතන ගෝලීය මානව පවුලේ බොහෝ පිරිසකගේ පුද්ගලික හැසිරිමට, (Individual Behaviour) සමාජීය හැසිරිමට, (Social Behaviour) සාමුහික හැසිරිමට, (Collective Behaviour) දේශපාලන හැසිරිමට, (Political Behaviour) අණුක සේම සදාචාරත්මක හැසිරීමට, (Molecular and Moral Behaviour) ප්‍රකට සේම අප්‍රකට හැසිරිමට සහ (Overt & Covert Behaviour), ස්වේච්ඡා සේම ස්වේච්ඡා නොවන හැසිරීමට (Voluntary and Involuntary Behaviour), ජනමාධ්‍යකරණය ඉතාමත් තීව්‍රව බලපෑම් කරනු ලබන හෙයිනි.

ජන සන්නිවේදනයේදී මුද්‍රිත මාධ්‍ය, ප්‍රකාශනය, ප්‍රවෘත්ති මාධ්‍ය, ඡායාරූපකරණය, සිනමාව, විකාශනය, (ගුවන්විදුලිය සහ රූපවාහිනිය) ඩිජිටල් මාධ්‍ය සහ ප්‍රචාරණය වැනි අංශයන්හී ගුණාත්මක භාවය ජන සමාජයක සමස්ත දියුණුවේ අත්තිවාරම යනු නිවැරදිය. 

පුරවැසියන්ගේ සිත්වල සදාචාරාත්මක සහ සිවිල් වටිනාකම් ප්‍රවර්‍ධනය කිරීමට සේම පොදු යහපත වෙනුවෙන්  කටයුතු කිරිමට විද්‍යා තක්ෂණික චින්තනය ප්‍රවර්ධනය කිරිම අත්‍යාවශ්‍යයය. අපේ ඓතිහාසික සිරිත් විරිත් සහ චාරිත්‍රවලින් පිරිපුන් පොදු යහපත වෙනුවෙන් ද කටයුතු කරන විශ්ව දේශීය පුරවැසියෙක් (World Citizens in a Universal Community) නිර්මාණය කිරීම සඳහා ජනමාධ්‍යය ඉතාමත්ම තීරණාත්මකය.

අද්‍යතන ශ්‍රී ලාංකේය ජන සමාජය විවිධාකාර වු සාක්ෂරතාවයන්ගෙන් දුර්වල වී ස්ව චින්තනය යටපත් වී ඇත්තේ ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය භාවිතාව හේතුවෙන් ද..? ඔබේත් දරුවන්ගේත් අනාගතය වෙනුවෙන් සිතනු මැනවි. ඩිජිටල් යුගයේ (Digital Era) ආශ්වාශ ප්‍රාශ්වාස කිරිමෙන් සහ ඡන්දය ලකුණු කිරීමෙන් පමණක් පුරවැසි වගකිම් සම්පුර්ණ නොවේ.

මිනිසා විසින් ජය ගත යුතු ඉතාමත් බැරෑරුම්ම සේවය නොහොත් රාජකාරිය, රාජ්‍යකරණයයි. ඩිජිටල්කරණය (Digitalization) විසින් රාජ්‍යකරණය (Governance) වඩා කාර්‍ය්ක්ෂම තත්ත්වයට පත් කර ඇත. එපමණක් නොව නෛතික තක්‍ෂණික නවෝත්පාදනයන් හේතුවෙන් යුක්තිය සඳහා ප්‍රවේශය ද පහසු කර ඇත.

රාජ්‍යකරණය සාර්ථක වීමට පාර්ලීමේන්තුවේ නියෝජිතයන්ගේ දැනුම අතිශයින් තීරණාත්මක වන අතර පාර්ලිමේන්තුව සිය ආයතනික සංස්කෘතියට නව්‍ය ක්‍රමවේද සහ නව තක්‍ෂණික ක්‍රම තම ක්‍රියාකාරී ක්‍රියා පටිපාටිවලට ඇතුළත් කිරීම මගින් ඩිජිටල් යුගයට ගැලපෙන මහ ජන සේවාවක් ඇති කළ හැකිය.

සැබැවින්ම ඩිජිටල්කරණය දූෂණයට සහ වංචාවට එරෙහිව අභ්‍යාස කළ හැකි බලවත් තක්ෂණයකී. අනෙක් අතට සමාජ-ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නීතියේ කාර්ය භාරයද විසල්‍ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය (Constitutional Law) නීතිය යනු විධායකය, පාර්ලිමේන්තුව හෝ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන රාජ්‍යයන්වල විවිධ ආයතනවල භූමිකාව, බලතල සහ ව්‍යුහය නිර්වචනය කරන නීති පද්ධතියකි.

නව්‍ය සිය වසට ගැලපෙන අයුරින් සමාජ-ආර්ථික සංවර්ධනය අභිවර්ධනය කිරීමේ ව්‍යවස්ථාමය නීති (Constitutional Law in Fostering Socio-economic Development.) පිළිබඳව කඩිනම් අවධානය තීරණාත්මකය. අනෙක් අතට නව්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයට සහාය වීම සඳහා පාර්ලිමේන්තු වැදගත්මය. 2010 දී යුරෝපීය සංගමය පාර්ලිමේන්තු ක්‍රියාවලිය නව්‍යකරණයේ සංවර්ධනයට ලක් කළේය. පාර්ලිමේන්තුවේ ක්‍රියාවලිය සංවර්ධනය කිරිම තීරණාත්මක ජාතික අවශ්‍යතාවයකි. 

පාර්ලිමේන්තු කමිටු, ශාස්ත්‍රීය බුද්ධිමතුන්ගේ කමිටු, උත්තරීතර විගණන ආයතන සහ ආර්ථික අධ්‍යාපනික කමිටු වැනි අතීශය තීරණාත්මක නව්‍යකරණයන් සේම ව්‍යවස්ථාදායක කෙටුම්පත් පිළිබඳ පාඨමාලා සැපයීම, ප්‍රතිසංස්කරණ හරහා ස්ථාවර නියෝගවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සහ නීති සම්පාදනය කිරීම සම්මත කිරීමට සහාය වීම ඉලක්ක කර ගත් ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරිමට කටයුතු කළ යුතුය. 

පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාර්යය බොහෝ ආකාරවලින් එහි අතිශය තීරණාත්මක කාර්ය භාරය වන නමුත් රාජ්‍ය මූල්‍ය වගකීමට වඩා බොහෝ දේ ඇතුළත් වන අතර සියල්ලම ජාතික අනාගතයට තීරණාත්මකය. ජාතික සහ ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිපත්ති ඇතුළත ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුවට තීරණාත්මක වගකීම් ඇත.

ඔවුන්ගේ නීති සම්පාදනය, අධීක්‍ෂණය සහ නියෝජිත ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුප්පතුන්ට හිත කර, සුළුතරයට සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන සහ පාරිසරික සංවේදී වන ප්‍රතිපත්ති සහ නීති සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීමෙහිලා සක්‍රීයව නිරත විය යුතුය. 

සහස්‍ර සංවර්ධන ඉලක්ක (MDGs) ඇතුළු මානව සංවර්ධනයේ පුළුල් අරමුණු සාක්ෂාත් කර ගැනීම පමණක්  නොව, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු ප්‍රධාන භූමිකාවන් ඉටු කරන අතර, අර්බුද වැලැක්වීමේදී ද මූලීකත්වය ගත යුතුය. 

පාර්ලිමේන්තුවේ මෙහෙවර ඉතා පරමාදර්ශී ලෙස එහි නීතිමය හෝ ව්‍යවස්ථාපිත රාජකාරි (අධීක්ෂණය, නීති සම්පාදනය සහ නියෝජනය) පිළිබඳ පටු අර්ථකථනයකට හෝ අවබෝධයකට සීමා නොවිය යුතුය. උක්ත සියලු කරුණු පිළිබඳ ජන සමාජයේ අවබෝධය සහ දැනුම දෙගොඩතලා යනුයේ ජනමාධ්‍යකරණය නම් වු මහා උල්පත මගිනී.

මේ අවස්ථාවේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ද සිහිපත් කිරිම යුතුය. Alexander Graham Bell Father of Modern Communication ඔබේ දැනුමේ අවබොධය ඡන්ද හැසිරීමට හේතු වනු ඇත. ඡන්ද හැසිරීම යනු මැතිවරණ හැසිරීමේ ආකාරයකි. Voting Behaviour is a form of Electoral Behaviour.

Advertiesment