Sunday 15th of December 2019

English Tamil
Advertiesment


කාර්මික අංශය ජයගත් තිළිණි දිනංජලී


2019-07-02 1805

(ජයකාන්ත ලියනගේ)

ඈත අතීතයේ රැකියා වල නිරත වූයේ බොහෝ විට පිරිමින් පමණි. ඒ නිසාම පවුලට ආදායම ගෙන ආවේද පිරිමියාය. ගැහැණියගේ වගකීම වූයේ දරුවන් හදාවඩා ඔවුන් රැුක බලාගනිමින් ස්වාමියාගේ කටයුතු ඉටු කිරීමය.

මෙම තත්ත්වයන් බොහෝ විට දක්නට ලැබුණේ භාරතීය ජන සමාජය තුලය. ශ‍්‍රී ලාංකේය ජන සමාජයේ බොහෝ සංස්කෘතීන් වල ආරම්භය භාරතීය ජන සමාජය ඇසුරු කොට සිදුව තිබෙන බවද රහසක් නොවේ. එබැවින් ශ‍්‍රී ලංකාවේ තත්ත්වයද භරතීය ජන සමාජයට බොහෝ සෙයින් සමාන විය. ඒ නිසාම පැරණි ශ‍්‍රි ලංකේය සමාජයේද කාන්තාවද බොහෝ විට ගෘහණියක්ම විය.

නමුත් අතීතයේ වුවද බටහිර රටවල ගැහැණිය, පිරිමියාට නොදෙවෙනිව නිවසේ ආර්ථිකයට උර දෙන්නට වෙහෙසුනාය. අද වන විට ශ‍්‍රී ලංකාවේ තත්ත්වයද පැරණි ජන සමාජයට කිසිසේත් සම කල නොහැකිය. මේ වන විට බටහිර රටවල මෙන්ම ශ‍්‍රි ලංකාවේද ගැහැණිය හා පිරිමියා අතර ලිංග භේදය හැරෙන්නට ක‍්‍රියාකාරිත්වයේ වෙනත් කිසිඳු වෙනසක් නොමැති තරම්ය.

බොහෝ වෘත්තීන් ගැහැණියට මෙන්ම පිරිමියාට වෙන්කර තිබෙන බවක්ද දක්නට ඇත. මෙය බොහෝ විට වෙන් කිරීමකට වඩා තෝරා ගැනීමේ ප‍්‍රවණතාවය අනුව සමාජය ඉදිරියේ බෙදීමකට ලක්ව තිබෙන්නක්ද විය හැකිය. හෙද වෘත්තියේ අති බහුතරය කාන්තාවන්ය. පිරිමින් එම වෘත්තිය තෝරාගෙන ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. රියදුරු වෘත්තියේ සියළු දෙනාම පාහේ පිරිමින්ය. රියදුරු වෘත්තියක් ලෙස තෝරාගත් කාන්තාවන් වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි. රිය පදවන බොහෝ කාන්තාවන් තමන්ගේ පෞද්ගලික වාහනය පෞද්ගලික කාර්යයන් සදහා යොදාගැනීමක් පමණක් සිදුකර ඇත. කොන්දොස්තර වෘත්තියද පිරිමින්ට වෙන්වු එකකි. අවමංගල සේවාවන්ට අදාල වෘත්තීන් වල නියලෙන්නේද පිරිමින්ය. ලිපිකරු, ගුරු, ගණකාධිකාරී, වෛද්‍ය, ඉංජිනේරු වැනි බොහෝ වෘත්තීන් වල ගැහැණුන් මෙන්ම පිරිමින්ද විශාල වශයෙන් නිරත වන බැවින් ඒ පිළිබඳ කතා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.

රියදුරු, වෘත්තියක් ලෙස තෝරාගත් කාන්තාවක් සම්බන්ධයෙන් මෑතකදී රටේ විශාල කතාබහක් ඇති විය. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර සිට කොළඹ දක්වා දැවැන්ත බස් රථයක් පදවන කාන්තාවක් සම්බන්ධයෙනි. පියාගේ ඇවෑමෙන් පසු පවුලේ ආදායම් මාර්ගය ලෙස සිය අවමංගල්‍ය සේවාවට උරදුන් තරුණියක් සම්බන්ධයෙන්ද පුවත් පල විය. තවමත් අවිවාහක ඇය මිනී එම්බාම් කිරීමේ සේවාවේද අති දක්ෂ යෞවනියකි. ආරක්ෂක සේවාවන්හි අතීතයේ පිරිමින් පමණක් සිදුකරන ලද බොහෝ ක‍්‍රියාවන් වල නිරත කාන්තාවන්ගේ අඩුවක්ද වර්තමානයේ නැත. මෙම කරුණු පෙල ගැස්වූයේ කාන්තාවන්ට නුපුරුදු වෘත්තියක යෙදෙන තවත් කාන්තාවක් ගැන කියන්නටය. එයට අමතරව ඇය සිය වෘත්තිය තවත් කාන්තාවන් පිරිසකට පුහුණු කරමින් සිටීමද සමාජ කතිකාවතක් නිර්මාණය කල යුතුය.

තිලිණි දිනංජලී බණ්ඩාර

ඇය නමින් තිලිණි දිනංජලී බණ්ඩාරය. ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කෘෂි යන්ත‍්‍ර අළුත්වැඩියා කිරීමේ පාඨමාලාවේ උපදේශිකාවක් ලෙස ඇය දැනට සේවය කරමින් සිටින්නේ මින්නේරියේ පිහිටි පොලොන්නරුව දිස්ත‍්‍රික් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේය. ඇය දැනට කෘෂි යන්ත‍්‍ර අළුත්වැඩියා කේෂ්ත‍්‍රයේ ජාතික වෘත්තිය සුදුසුකම් 05 වැනි (භභූ ඛැඩැක - 05) මට්ටමේ සුදුසුකම ලබා සිටී. ට‍්‍රැක්ටර්, කොල මඩින යන්ත‍්‍ර, ගොයම් කපන යන්ත‍්‍ර, ආදී කෘෂි කාර්මික කේෂ්ත‍්‍රයේ  ඕනෑම යන්ත‍්‍රයක් ඉතා දක්ෂ අන්දමින් අළුත්වැඩියා කිරීමේ හැකියාව ඇයට ඇත. මෙය ඩිප්ලෝමා මට්ටමේ සුදුසුකමකි. භභූ ඛැඩැක – 05 සුදුසුකම, කෘෂි උපකරණ අළුත්වැඩියා කේෂ්ත‍්‍රයේ යම් මට්ටමක ඉහළම සුදුසුකමකි. ඇය මේ වන විට රත්මලාන, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ කෘෂි උපකරණ අළුත්වැඩියා කේෂ්ත‍්‍රයේ උපාධි පාඨමාලාව හදාරමින් සිටී.

මෙම කේෂ්ත‍්‍රයේ පුහුණු කාර්මිකයින් මෙන්ම රැුකියා කරන්නන් බොහෝ විට පිරිමින්ය. මෙවැනි වෘත්තීන් කාන්තාවන්ට නුහුරු නුපුරුදු ඒවාය. ඒ අනුව තිලිණි දිනංජලී සුවිශේෂී කාන්තාවකි. ඇය සම්බන්ධයෙන් මෙවන් සටහනක් තබන්නේද ඒ නිසාය. ඇය පොලොන්නරුව දිස්ත‍්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මේ වන විට භභූ ඛැඩැක – 03 සුදුසුකම සදහා ආධුනිකයින් 10 දෙනෙකු පුහුණු කරමින් සිටී. එය එක් අවුරුදු පුහුණු පාඨමාලාවකි. පුදුමය නම් මෙම පුහුණු පාඨමාලාව හදාරන්නන් තුලත් ආධුනිකාවන් 05 දෙනෙකු සිටීමය. මොවුන් සියල්ලම පාහේ කෘෂි කාර්මික පවුල් වල සාමාජිකයින්ය. උපදේශිකාව මෙන්ම පාඨමාලාව හදාරන්නියන්, මෙවන් රැුකියා තවදුරටත් පිරිමින්ට පමණක්ය යන සමාජ මතය පවා බිඳ දැමීමට සමත්ව තිබේ.

ජී ජී නිමාෂා ලක්මාලි 20 හැවිරිදි තරුණියකි. වාණිජ අංශයෙන් අපොස (උපෙල) හැදෑරූ ඇය කෘෂි කාර්මික පවුලක අයෙකි. වැලිකන්දේ සිට කිලෝ මීටර් 80 ක් උදේ හවස පැමිණෙන බව පවසන ඇය පාඨමාලාවෙන් පසුව සිය පියාගේ ගොවිතැන් කටයුතු වලට උදව් උලකාර කරමින් කේෂ්ත‍්‍රයේ ඉහළට යෑම සිය අපේක්ෂාව බව ප‍්‍රකාශ කළේය.

මහ දමන ප‍්‍රදේශයේ උපන් පී ඞී තුලනි සාවිද්‍යා, තාක්ෂණ විෂය ධාරාවෙන් අපොස (උපෙල) හදාරා ඇත. ඇය දිනපතාම පුහුණුව සදහා කිලෝ මීටර් 150 කට ආසන්න දුරක් ගමන් කරයි. පුහුණුව හොදින් ලබා කෘෂි උපකරණ අළුත්වැඩියා කිරීමේ ස්ථානයක් ආරම්භ කිරීම ඇයගේ අරමුණ බව අප සමග පැවසුවාය.

පාඨමාලාව හදාරණ එච් පී අදීෂා පියුමිනිල්, කෘෂි විද්‍යා කේෂ්ත‍්‍රයෙන් උපෙල හදාරා ඇත. ඇය පාඨමාලාවට එන්නේ හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ සිටය. එක් ගමනකට ඇය කිලෝ මීටර් 35 ක දුරක් ගෙවා පාඨමාලාවට පැමිණේ. අරලගංවිල පදිංචි එච් පී මධුෂණී වීරකෝන්ටද කිලෝ මීටර් 35 ක දුරක් ඇත. වැලිකන්දේ පදිංචි සුපුන් මධුසංක, ලංකාපුර පදිංචි ඩබ් එම් ධම්මික, දියබෙදුම පදිංචි ඉමාෂල් බණ්ඩාර පාඨමාලාව හදාරණ පිරිමි දරුවන්ය.

පොදුවේ ගත්කල මෙම සියළු දරුවන් කෘෂි කාර්මික පවුල්වල අය වෙති. පොලොන්නරුවද කෘෂි කාර්මික ප‍්‍රදේශයක් බැවින් එම ප‍්‍රදේශයේ මෙම කේෂ්ත‍්‍රයේ රැුකියාවල ප‍්‍රබල ඉල්ලූමක් පවතී. වත්මන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඒ ඒ කේෂ්ත‍්‍රයන්ට අදාල පුහුණු පාඨමාලා ඒ ඒ කේෂ්ත‍්‍රයන්හි වැඩි දියුණු කොට පවත්වාගෙන යෑමේ වැඩ සටහන යටතේ මෙම පාඨමාලාවට නව උපකරණ ලබා දීම පසුගියදා සිදු කෙරුණි. එයින් පසුව පුහුණු පාඨමාලාව ඇමතිවරයාගේ නිරීක්ෂණයටද ලක්විය. කාන්තාවන්ටද  ඕනෑම දෙයක් කරන්නට පුළුවන් බව මෙම උපදේශිකාව හා පුහුණු වන්නියන් රටට පෙන්වා තිබෙන බව ඇමතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය. මෙම පනිඩුඩය රටට ගෙන යෑමට මාධ්‍යයේ සහයද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ඉංජිනේරු ලයනල් පින්ටු, උප සභාපති නීතීඥ තිලක් කාරියවසම් යන මහත්නරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

 

අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට පාඨමාලාව ලක් වු අයුරු.

     

Advertiesment