Thursday 30th of November 2023

English Tamil
Advertiesment


කිරිඇල්ලගෙන් රනිල්ට ප්‍රශ්නයක්


2022-08-08 7747

 

 

අලුතින් පිහිටුවීමට යන සර්වපාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක වන කාල සීමාව අනෙක් සෑම දේටම පෙර  මුලින්ම රටට හෙළි කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

ජනාධිපතිවරයා බොහෝ කරුණු කතා කළද තවමත් ඒ ගැන අදහසක් පළ කර නැතැයි හෙතෙම සඳහන් කළේය.

ඕනෑම පක්ෂයකට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා කෙටි කාලයකට සහයෝගය ලබාදිය හැකි වුවත් දීර්ඝ කාලයක් සඳහා එසේ කටයුතු කළ නොහැකි බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා සියලු දේ කළ හැක්කේ  පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කෙරෙන පදනම තුළ  පමණක් බවද ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවසාන කාලයේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් මාස හයක් වැනි කෙටි කාලයකට පිහිටුවීමට එකඟවූ බවත්  පොදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර රට යථා තත්වයට පත්කර ගැනීමෙන් පසු ඒ කාලසීමාව ඇතුළතදී   මැතිවරණයකට යෑමට  එහිදී තීරණය කෙරුණු බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

වර්තමාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග තව වසර තුනකට ඡන්දයක් නොපැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති හෙයින් ඒ පදනම යටතේ සර්ව සර්වපාක්ෂික රජය  ක්‍රියාත්මක වන කාල සීමාව පිළිබඳව බරපතළ සැකයක් මතු වන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 


 

Advertiesment