Wednesday 21st of April 2021

English Tamil
Advertiesment


කලාව මිනිස්සුන්ට නී රස වෙලා..!


2019-07-02 3013

      

කලාව පිරිහෙන්න හේතුව දේශපාලනයයි..!

ආදරයට ආදරය කරන්න ඕනෑ..!

මට ඕනෑ හොඳ මනුස්සයෙක් වෙන්න..!

රසිකයන්ගේ ආදරය පුජනීයි..!

 

මහේෂ් උයන්වත්ත මේ දිනවල කළු චරිත ඔස්සේ ජනප්‍රිය වූ තරුවක්. කලක් සහාය අධ්‍යක්‍ෂකවරයකු, අධ්‍යක්ෂකවරයකු වගේම වේදිකා නාට්‍ය ශිල්පියකු ලෙසින්ද සිට පසුව රංගනය ඔස්සේ ඔබට ළංවූ කලාකරුවෙක්. මහේෂ් උයන්වත්ත ගායනයට වගේම වාදනයටත් එක ලෙසට දක්ෂයි.ඒ නිසා “lankanewsweek” අපි ඔහුව මෙසේ සම්බන්ධ කර ගත්තා.

ඔබේ සම්පුර්ණ නම් මොකද්ද..?

මහේෂ් චමිලක උයන්වත්ත.

ගම් පළාත..?

ගම්පොළ...දැනට පදිංචි බොරලැස්ගමුවෙ.

ඔබ කවුද කියලා මම ඇහුවොත්..?

මම සරල සාමාන්‍ය මනුස්සයෙක්.

පවුලේ අය කලාවට සම්බන්ධද..?

නැහැ. දැනට මගේ අප්පච්චි ජිවතුන් අතර නැහැ. ඔහු තමයි මගේ කලාවේ උල්පත කියලා මට හැගෙන්නේ. මොකද ඔහු ගායනයට වාදනයට අපූරු දක්ෂයෙක්. නිතරම සංගීතයත් සමග සිටි කෙනෙක්. ඔහුගේ හැකියාවන් තමයි මට මෙහෙම ඇවිල්ලා තියෙන්නේ.

වර්තමාන ශ්‍රී ලාංකීය කලාවට මොකද්ද මේ වෙලා තියෙන්නේ..

මිනිස්සුන්ට නී රස වෙලා. ඇත්තටම අද දවසේදී කලාව ගැන හරි දුකයි.

ගොඩ ඒමක් නැත්ද..

මට හිතෙන්නේ ගොඩ ඒමක් නැහැ.එහෙම කඩා ගෙන වැටෙන්න මුලිකම හේතුව   දේශපාලනය. දෙවන කරුණ ආර්ථිකය. ඒ දෙක නැතුව න ශ්‍රී ලංකාවේ කිසි දෙයක් ඉදිරියට යන්නේ නැහැ. ඒ වගේම රටක කලාවයි ක්‍රීඩාවයි දියුණු වෙනවා නම් අනිත් හැමදේම දියුණුයි.

ආදරය ගැන මොකද හිතන්නේ..

ආදරය කරන්න තමයි හිතන් ඉන්නේ...

කළු චරිත ඔබ දකින්නේ කොහොමද..

කළු චරිත මට ලැබෙන්නේ මගේ රූපය නිසා වෙන්න ඕන. ජනප්‍රියත්වය කියනේ ඕනෑම දෙයක් ඔස්සේ හදා ගත හැකි දෙයක්. නමුත් මම සතුටු වෙනවා මොකද මිනිස්සු මහේ කළු චරිතයට වඩා මගේ රංගන කුසලතාවයට ප්‍රසංසා කරනවා.

කුඩා කාලයේ ඔබට තිබූ අරමුණ මොකද්ද..?

එහෙම හින තිබ්බේ නැහැ. නමුත් කලාකරුවෙකු වීමේ ලකුණු පහළ කරලා තිබ්බා. මට තිබුණේ හොද මනුස්සයෙක් වීමේ සිහිනයක් පමණයි.

ඔබ නිර්මාණයක් තොර ගන්නේ කොහොමද..

මම කෙළින් කතා කරන කෙනෙක්. එහෙම තෝරා ගැනීමට තරම් නිර්මාණ ලැබෙන්නේ නැහැ. අතලොස්සක් ලැබෙන නිර්මාණවලට මම මගේ උපරිමය ඉටු කරනවා. ඔන්න නිර්මාණ සීයක් විතර ලැබෙනවා නම් තේරීමක් කරන්න පුළුවන්.

රංගනය හදාරන්නේ කොහොමද..

මම මා තුළින් රංගනය හදාරනවා. ජයවරනපුර විශ්ව විද්‍යාලයෙන් මම රංගනයේ න්‍යායන්  ඉගෙන ගත්තා. පසු කාලීනව ලූෂන් බුලත්සිංහල මහතා ඇසුරු කිරීම මගේ රංගන පාසලක් බවට පත් වනවා. අපේ රටේ එහෙම රංගනය හදාරන්න අවස්ථා අඩුයි. සෞන්දර්ය විශ්ව විද්‍යාලය වගේ ඇරුනම විශ්ව විද්‍යාලයීය මට්ටමක ආයතන නැහැ.

කිසිවකු අනුකරණය කරනවද..

රංගනයේදී නැහැ. නමුත් රංගනයට කලින් චරිතයක් ලැබුණම මම ඒ චරිතේ ප්‍රවීණයන්ට ගලපලා  බලනවා. ඒ වගේම මම සමාජයේ දකින චරිතවල අංග ලක්ෂණ උකහා ගන්නවා

අද ඔබ කලාකරුවෙක්. මොකද හිතෙන්නේ..?

පුදුමාකාර වින්දනයක් සතුටක් ලබනවා. මිනිසුන්ගේ ආදරය මට මහා මෙරක් වගේ. මම මේ මහා ලොකු ජනප්‍රිය චරිතයක් නෙමෙයි. එත් කවුරුන් හෝ හදුනා ගෙන කතා කරන කොට දැනෙන ඒ හැගීම මට මෙහෙම කියන්න බැහැ. මගේ රසියකයන්ගේ ආදරය මම පුජනිය කොට සලකනවා.

අනාගත බලපොරෝත්තු මොනවද..?

අදහසක් තිබෙනවා කලාකරුවන් බිහි කරන  ආයතනයක් ආරම්භ කිරීමට. කලාකරුවා වගේම හොද මිනිසෙකු බිහි කිරීමට . බලමු නේද ඉදිරියේදී කියන්නම් . ඒ වගේම චරිතාංග නළුවෙක් වෙන්න සම්මානයක් ගන්න චරිතයක් කිරීමේ බලාපොරොත්තුවක් තිබෙනවා. නිවී සැනසිල්ලේ ටෙලි නාට්‍යක් අධ්‍යක්ෂණය කරමින්  අම්මට සලකා ගෙන සතුටින් සිටීම තමයි එකම අරමුණ.

-අශිකි මංසුර්-

 

Advertiesment