Monday 11th of December 2023

English Tamil
Advertiesment


විම්බල්ඩන් පිටියට නෑ


2022-06-22 7816

 

(ශානිකා ශිරෝමාලි) 

 

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 4කට හිමිකම් කියන ලෝක කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා නයෝමි ඔසාකා ආබාධයක් හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඇය කියා සිටින්නේ ආබාධය සුව වන තුරු ක්‍රීඩාවෙන් විවේක ගැනීමට තීරණය කළ බවය.

වසර 2019 සහ පසුගිය වසරේදී ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශුරතාව සහ 2018 සහ 2020 දී අමෙරිකා විවෘත ටෙනිස් ශුරතාව දිනාගත් ජපාන ක්‍රීඩිකාවක වන 24 හැවිරිදි නයෝමි විම්බල්ඩන් ටෙනිස් පිටියෙන් ඉවත්වීම හේතුවෙන් එහි තරගකාරිත්වය අඩු වනු ඇතැයි දැනටමත් ටෙනිස් විශාරදයන් අනාවැකි පළ කර තිබේ.

ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එක ස්ථානයට පත් වූ ආසියාවේ පළමු හා එකම ක්‍රීඩිකාව ද වන ඇය වර්තමානයේදී ලෝක ටෙනිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගම් ශ්‍රේණිගත කිරිම්වල පළමු තැන පසුවන්නීය.

Advertiesment