Sunday 10th of December 2023

English Tamil
Advertiesment


සජිත්ට උපදෙස් දෙන්නේ හර්ෂලා වැනි කේවට්ටයන්ය 


2022-05-17 7743

 

එම තත්ත්වය ජාතියේ අවාසනවකි

 

හර්ෂ ද සිල්වාගේ ආර්ථිකය..!

 

 
(ජ්‍යෙෂ්ඨ නීතීඥ ගාමිණී අල්විස්)

 

හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා ආර්ථික විද්‍යා විෂයෙහි ප්‍රවීනයෙකි. ප්‍රාමාණිකයෙකි. මේ අර්බුද අවස්ථාවේ ජනාධිපති ධූරයට සහ අගමැති ධූරයට පවා යෝජනා වූ එක් නමක් වූයේ හර්ෂ ද සිල්වා නාමයයි. මුදල් අමාත්‍ය ධූරය සඳහා ඒ නම යෝජනා කරන්නේ නම් කවරකු වුව හිස් මුදුනින් අනුමත කරති. එතුමාගේ උගත්කම, විෂය දැනුම සහ සොරකම් නොකළ අයකු බවට වන විශ්වාසය මේ කීර්ති නාමයට හේතු වූ බව සැක නැත.

ඒ තත්ත්වය එසේ තිබියදී චමුදිත සමරවික්‍රම සමග හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සිදු කළ සාකච්ජාවක් දුටිමි. ඒ සාකච්ඡාව මට නම් විශ්මයකි. මේ විශ්මය ඔබ සමග බෙදා ගන්නට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටිමි.

COVID-19 වසංගතය සමයේ දී රජය නිවාස සඳහා රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලැබීය. එම අවස්ථාවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියා සිටියේ එම දීමනාව 5000ක් නොව 20,000ක් විය යුත් බවය. සමගි ජන බලවේගයේ පාලනයක් තිබුණේ නම් සෑම නිවසකටම රුපියල් 20,000ක් ගෙවන බව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශය විය

එම ප්‍රකාශය රටේම විවේචනයට ලක්වු අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්ථික දර්ශනය හෑල්ලුවට ලක් විය. ඒ සා විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසා බෙදා දුන්නේ නම් මේ රටේ අද තිබෙන තත්ත්වය තවත් භයානක එකක් වන්නට ඉඩ තිබුණි.
චමුදිත සමරවික්‍රම සමග වූ සාකච්ඡාවේදී හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ එම රුපියල් 20,000 කතාව තමාගේ අදහසක් බවයි. එම මුදල් අච්චු ගැසීම සිදු වූයේ නම් රටේ සිදු විය හැකිව තිබු විනාශය සැහැල්ලුවෙන් ප්‍රතික්ශේප කරන්නට මන්ත්‍රීවරයා පියවර ගත්තේය "කරන්න බැරි දේවල් හර්ෂ ද සිල්වල කියන්නේ නැහැ" කියමිනි. ඒ එතුමාගේ ස්ථාවරයයි

මේ රටේ නායකයන් උගත් සහ විෂයෙහි ප්‍රවීනයන් ගැන විශ්වාස තබා කටයුතු කළ හොත් සිදු වන විනාශය මේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වැනසුණේත් මේ උගතුන්ගේ ලණු ගිලීම නිසා බව මගේ අදහසයි. එහෙයින් මෙසේ ලියමි. නායකයෙනි, පොතේ ගුරු උගතුන්නේ උපදෙස් ක්‍රියාත්මක කරන්නේ නම් ප්‍රවේශමෙන්..!
 

Advertiesment